ලසෝදාට ‘තුන දෙන්න’ - ලක්සිරි සහ අන්නාසිවත්ත පොරකති

21 December, 2012 | | |

ලබන ඉරිදා එනම්, අපේ‍්‍රල් 29 වැනිදා ලක්ස් අනුග‍්‍රහයෙන් සජීවීව ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විකාශය වීමට නියමිත ‘වසන්තයේ රුවැත්ති’ අවුරුදු කුමාරිය තේරීමේ තරගයේ තුන්වන ස්ථානය රොසෑන් ඩයස්ගේ මොඞ්ලින් පාසලේ ‘ලසෝදා’ වෙත ලබාදීමට දෙරණ රූපවාහිනියේ ලොක්කා සහ යුනිලීවර් ලොක්කෙකු එකඟ වී ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
ලක්ස් අනුග‍්‍රහයෙන් පවත්වන වසන්තයේ රුවැත්තී අවුරුදු කුමාරි තේරීමේ තරගය සංවිධානය කිරීමේ කටයුතු මුලදී ‘Mind Share’ ප‍්‍රචාරක ආයතනයට ලබාදී ඇත්තේ එම සමාගම යුනිලීවර් ආයතනයේ දැන්වීම් ප‍්‍රචාරක කටයුතු මෙහෙය වන ආයතනය වන බැවිනි. එහෙත් මෙම තරගය භාරව කටයුතු කරන යුනිලීවර් සමාගමේ ප‍්‍රධානියෙකු වන රෝහිත අන්නාසිවත්ත මෙම තරගය සංවිධානය කිරීම JWT ඇඞ්වර්ටයිසින් සමාගමට පවරාදී ඇත.

රෝහිත අන්නාසිවත්ත එසේ මෙම වැඩසටහන JWT ඇඞ්වර්ටයිසින් සමාගමට ලබාදී ඇත්තේ එම සමාගම රොසෑන් ඩයස්ගේ මොඞ්ලින් ස්කූල් එක සමග ළඟින් කටයුතු කරන නිසාය. රෝහිත අන්නාසිවත්ත රොසෑන් ඩයස්ගේ මොඞ්ලින් ස්කූල් එකේ යාවජීව සාමාජිකයෙකි. රෝහිතගේ වත්තේ අන්නාසිවල රස රොසෑන්ගේ මොඩල්ස්ලා හොඳින් අදුනති.

‘සිරස’ කුමරියට හෙන ගැසූ වටපිටාවක් තුළ ලංකාවේ කෙල්ලන්ට මොළේ පහළ වී ඇති නිසා ‘වසන්තයේ රුවැත්ති’ වැඩසටහනට මෙවර ඉල්ලූම්පත් ලැබී ඇත්තේ ඉතා සුළු ගණනකි. එම තත්ත්වය මත මෙම වැඩසටහනට සහභාගි වන්නේ රොසෑන් ඩයස්ගේ මොඞ්ලින් පාසලේ කට්ටිය පමණි. එම වැඩ සටහන සම්බන්ධීකරණය සිදු කරන්නේ ලසෝදා විසිනි.

ලසෝදාගේ සම්බන්ධීකරණය කවරේද යනු ඇය සිදු කරන්නේ තමාට වඩා පෙනුම ඇති අයදුම්කාරියන් කපා දමා මූණ කචල් කට්ටිය පමණක් තරගයට ඉදිරිපත් කරන්නේ ඇයද එම තරගයට ඉදිරිපත් වී පළමු වෙනි ස්ථානය ලබා ගැනීමේ අරමුණිනි. ඒ සඳහා දෙරණ රූපවාහිනියේ ලොක්කා වන ලක්සිරි වික‍්‍රමගේ සහ යුනිලීවර් රෝහිත අන්නාසිවත්තගේ ආශිර්වාදය ඇයට ලැබී තිබේ.

මොනයම් හෝ හේතුවකින් මෙම සිද්ධිය මාධ්‍යයන්ට ලීක් වී ඇති නිසා ලක්සිරිත්, රෝහිතත් මේ වන විට කලබල වී තිබේ. පසුගියදා ‘දෙරණ මිස් ශී‍්‍ර ලංකා’ තේරීමට ගොස් ඇදගෙන නා ගත් ලක්සිරි, මෙයින් වඩාත්ම කලබලයට පත් වී තිබේ. පසුව ඔවුන් දෙදෙනා ලසෝදාට කතා කොට තත්ත්වය පහදා දී තුන්වන ස්ථානය ඇයට ලබාදීමට ඈ කැමති කරවාගෙන ඇත.

ඒ අනුව, ලබන 29 වන ඉරිදා දෙරණ රූපවාහිනියේ සජීවීව විකාශනය වීමට නියමිත ‘වසන්තයේ රුවැත්තී’ අවුරුදු කුමාරි සජීවී තරඟයේ, තරඟ ප‍්‍රතිඵල කලින්ම නිකුත් කිරීමට ‘පැපරාසියා’ට හැකි වී තිබේ.