රෙක්ස්ගෙන් සහ බොස්ගෙන් මීඩියා මෑන්ලාට පාටියක්

21 December, 2012 | | |

‘දි අයිලන්ඞ්’ පේපර් එකේ රෙක්ස්ගෙන් සහ කැන්ඩොස් එකේ බොස්ගෙන් ලංකාවේ මීඩියා මෑන්ලාට සුපර් ගනයේ පාටියක් පැවැත්වීමට යන බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
පසුගියදා ‘රාගම රෙක්ස්’ ගැන සහ ‘කැන්ඩොස් බොස්’ ගැන ‘පැපරාසියා’ කළ හෙළිදරව්වෙන් අනතුරුව ලැජ්ජාවට පත්වී ඇති ‘රාගම රෙක්ස්’, ‘කැන්ඩොස් බොස්’ට යෝජනා කොට තිබෙන්නේ අපි ගැන තොරතුරු පිටට යන්නේ ලංකාවේ මීඩියා මෑන්ලාගෙන් බැවින්, ඔවුන්ට හොඳ පාටියක් දමා හොඳ හොඳ තෑගි බෝග ලබාදිය යුතු බවයි.

එවිට රෙක්ස්ගෙන් බොස් අසා ඇත්තේ, මොන වගේ තෑගි දිය යුතුදැයි කියාය. එවිට රෙක්ස් පවසා ඇත්තේ, අඩුම ගනනේ පැමිණෙන හැම අයෙක්ටම ඔරලෝසුවක්වත් දිය යුතු බවයි. ඊට කැමති වී ඇති බොස් ඒ සඳහා ශී‍්‍ර ලංකා ටෙලිකොම් - මොබිටෙල් ‘ස්පොන්සර් ෂිප්’ එකක් ලබා ගැනීමට ඇප්රුවල් සඳහා බෝඞ් පේපර් එකක් දමා තිබේ.

පසුව රෙක්ස්ට මිතුරෙකු පවසා ඇත්තේ, ඔය නිවුස් ‘පැපරාසියා’ට යන්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බෝඞ් එක හරහා නිසා මීඩියා මෑන්ලාට වගේම කි‍්‍රකට් බෝඞ් මෑන්ලාටත් සංග‍්‍රහ කළ යුතු බවයි. මේ බව බොස්ට කියන්නේ කෙසේ දැයි රෙක්ස් මේ දිනවල කල්පනා කරමින් සිටින බව ‘පැපරාසියා’ට වැඩිදුරටත් ආරංචි වේ.

කෙසේ වෙතත් ‘පැපරාසියා’ නිසා රෙක්ස්ගෙන් සහ ඔහුගේ බොස්ගෙන් කාට කාටත් ළඟදීම ආතල් එකක් ගැනීමට හැකිවීම පිළිබඳව සිය සතුට පළ කර සිටී.