හොඳම හුකර් ?

10 April, 2013 | | |

පසුගිය දිනක මලක නමක් ඇති පාර්ලිෙම්න්තු මන්තී‍්‍රවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයේ පාසලක වැසිකිළියක් විවෘත කළේය.

මෙම උත්සවයට සහභාගි වූ අදාල මන්තී‍්‍රවරයා කතාවක් පවත්වමින් කියාසිටියේ කොළඹ ඇති කෝලේජී දිහා බැලුවහම ෙම් පාසලට පයිසෙක පහසුකමක් නැති බවයි.

සෙයිලමේ කොලේජි තරම් මේ මහා විදුහලට කොරන්න බැරිවුණතත්, තාත්තාගෙන් ඉල්ලාගෙන මොනවහරි කරන බවට ද ඔහු එහිදී පොරොන්දු විය.

ඒත් මේ මහවිදුහලට කොරන්න ඔන් මොනවද කියල තමන්ට තේරුමක් නැති බවද පැවසූ මේ මන්ත්‍රීවරයා මෙහි සිටින නංගිලා මල්ලිලාට මොනවද ඔන කියා ලියා එවන්නැයිද පැවසුවේය.

තවද, දැනගන්න යමක් තියෙනව නම් එයද ලියා එවන්නැයි ඔහු පැවසීය.

ක්ෂණයකින් කොළ කෑලිවල ලියූ ප‍්‍රශ්න කිහිපයක්ම වේදිකාවට ආවේය.

මන්ත්‍රීවරයා ඒවා එකින් එක දිග හරිමින් කියවා තමන්ට කොරන්න පුළුවන් දේ කියා සිටියේය.

මේ අතර පැමිණි එක කොළයක් කියවා සිනාසී ඔහු එය ගුලිකර බිමට දැමුවේය.

එයට පිළිතුරු නොලැබිනි.

ඇත්තෙන්ම එම කොළගුලිය විසිවී ගියේ එම වේදිකාවේ සිටි විදුහල්පතිවරයාගේ කකුල්දෙක ළගටය.

මන්ත්‍රීවරයා සභාව අමතා කෙටි කාලයකින් විදුහලෙන් පිටව ගියේය.

ඔහු පිටව ගිය පසු විදුහල්පතිවරයා තමා ළගට විසිවූ කොළගුලියේ උත්තර නොදුන් ප්‍රශ්නය කුමක්දැයි ඇති වූ කුහුල නිසා එය දිග හැර බලා තිබේ.

එහි තිබී ඇත්තේ 'අනර්කලී ඹයාගෙද ? තාත්තගෙද ? ' යනුවෙන් අසා ලියා එවන ලද ප්‍රශ්නයකි.

මේ මන්ත්‍රීවරයා පසුගිය රග්බි වර්ණ රාත්‍රියේදී හොදම හුකර් බවටද පත් විය.