සාරුවාගේ 'පෙට්ටි' ශතක පාටියට ඇමතිලත් ගිහින්

10 April, 2013 | | |

අකුරැස්සේ මහා දූෂකයා ලෙස සැලැකෙන්නේ එහි ප්‍රාදේශී සභාවේ සභාපතිවරයා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාරුව ලියනගේ සුනිල්ය.
නැත්නම් සාරුවා සුනිල්ය.

සියවැනි කන්‍යාවිය දූෂණය කිරීමෙන් පසුව සුනිල් සිය නිවසේ ග්‍රෑන්ඩ් පාටියක් දමා තිබේ.

විස්කි, බ්‍රැන්ඩි, වෙල් ෆැන්ටා,ගල්, පොල් මෙන්ම මල්වලින් ද කාන්තාවනගෙන්ද අඩුවක් නොවූ මේ සාදයේ විශේෂ ආරාධිතයන්වී ඇත්තේ ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නෙකි.

ඉන් එක් අයෙක් දකුණේ සිටින හදවත මේසය මත තබා ජනතාව අමතන ඩලස් අලහප්පෙරුමය.

අනෙකා සන්ධාන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිකමද,තෙල් ඇමතිකමද දැරූ සුසිල් ප්‍රේමජයන්තය.

මේ දෙන්නාම කිසිම හිරිකිතයක් නැතිව සාරුවාගේ පාටියට  පැමිණ ඇත.

සාරුවාගේ පාටියට පැමිණීමෙන් පමණක් සීමා නොවූ මේ ඇමති ගොයියන් දෙන්නා සාරුවාගේ වැඩ ගැනද සියසින්ම දැක බලාගෙන ඇත.

ඒ සාරුවා විසින් කෙලෙසූ කන්‍යාවියන්ගේ ජායාරූප පිරි ඇල්බමය පිරික්සීමෙනි.

ඇමති ගොයියෝ සාරුවාගේ අතින් විනාශවූ කෙල්ලන්ගේ ඇල්බමය සාරුවා පෙන්වද්දී ඒ පිංතූරවල සිටි නාඹර පැටික්කියන්ට පැණි පෙරමින් මේ කව්දැයි වයස කීයදැයි අහමින් නොඉවසිල්ලෙන් දගලා ඇති බව සාදයට ආරාධනා ලැබූවෙක් කීවේය.

අනුන්ගේ වැඩ බලා මේ ඇමති‌යෝ ස්වයං වින්දනයක් ලබද්දී ඒ අතර සාරුවා තමාගේ වැඩේද කර ගැනීමට සමත්ව ඇති බව 'පැපාට' වාර්තා වේ.

ඒ සාරුවා සිය කන්‍යාවන් විනාශ කිරීමේ ශතක වර්තාවේ මතක කෙල්ලන්ගේ පිංතූර පෙන්වන අස්සේ එය වීඩියෝ කර ගැනීමට සමත්වීම නිසාය.

ටික කලකට පසුව සාරුවා ළග මේ විඩියෝව හා ජායාරූප ඇති බව එම ඇමතියන්ට ද බොහොම සුහද ලෙස සී.ඩී. තැටිදෙකක් පොස්ට් කරමින් පෙන්වා තිබේ.

පසුව අදාල සීඩි පට ඇමතියන්ට ලැබුණු පසු දුරකථන ඇමතුමක්දී කිසිවක් නොවූවා සේ සාරුවා ඩලස් හා සුසිල්ගෙන් අසා ඇත්තේ 'එදා නම් වැඩේ හොදට ගියා නේද, මම අර ඔබ තුමාල එක්ක ගත්ත පිංතූර ටිකකුයි, වීඩියෝ එකයි එව්වා..ලැබුණද දන්නේ නෑ'නේදයි අසමින් බවද වාර්තා වේ.

සුසිල්ට හා ඩල්ස්ට තරු පෙනී ඇත්තේ ඉන් පස්සේ බවත් ඕව කාටවත් දෙන්න එපා..ඔය මඩ වෙබ්කාරයෝ නැත්නම් අපිට මඩ ගහයි. යැයි කියමින් සාරුවා ළග හඩා වැටී ඇත.

සාරුවා කට්ටයා නිසා ඔහු පවසා ඇත්තේ නෑ ඇමති තුමෝ මේව පිට යන්නෙ නැහැ ඔයාල ඉන්නෙ මා එක්කනේ යනුවෙන් බවද කියවේ.