සනත් ජයසූරියගේ නවතම ගුවන් ඉනිම !
10 April, 2013 | | |
සනත්ගේ පළමු බිරිඳ ‘එයාර් ලංකා’ සමාගමේ ‘ග‍්‍රවුන්ඞ් හැඩලින්’ නිලධාරිනියකි. ඊට පසු බිරිඳ සැන්ඩ‍්‍රා ‘එයාර් ලංකා’ ගුවන් සේවිකාවකි. තවමත් කටුගා නොදමා ඇති මෙම දීගය ඒකපාර්ශ්විකව පවත්වාගෙන යන්නේ සැන්ඩ‍්‍රාගේ ඕනෑකම මතය. සැන්ඩ‍්‍රා වඩා හිතන්නේ තමන්ට ස්වාමියෙක් නැති වුවත්, දරුවන්ට තාත්තා කෙනෙකු අවැසි බවය. ඒ සැබෑ ශී‍්‍ර ලාංකික ගැහැනියගේ ස්වභාවයයි.
මේ දිනවල සනත්ගේ අලූත්ම ගුවන් ඉනිම වන්නේ තවත් ‘ශී‍්‍ර ලංකන් එයාර් ලයින්’ ගුවන් සේවිකාවක් වන ඩයනා නෝර්ටන්ය. ඇය කෝට්ටේ ප‍්‍රදේශයේ පදිංචිකාරිනියකි.
ඩයනාට සනත්ව හමුවන විට ඇය හතර අතේ ණය වී උන්නාය. සනත් සීන් එකට එන්ටර් වී ඇගේ සියලූ ණය ගෙවා දමමින් ඇගේ අනියම් භුක්තිය ඔහු සතු කර ගත්තේය. මෙයින් මල පනින ලද්දේ ඒ වන විට සනත් භුක්ති විඳිමින් සිටි නැගී එන නිලි ආක්‍ෂාය. මැරයින් කණ්ඩායමක් සමග ඩයනාගේ නිවසට පැමිණි ආක්‍ෂා, ඩයනාගේ ගෙදරට ගල්වලින් දමා ගසමින් සනත් ඩැහැගැනීම පිළිබඳව ඇගේ බලවත් විරෝධය දක්වා තිබේ.
ගල් ගසා තමන්ගේ ‘15 වෙනි කුළුඳුල් පේ‍්‍රමය’ බිඳ දැමිය නොහැකි බව සනත් ලොවට පෙන්වාලමින් පසුගියදා ඩයනා නෝර්ටන්ට ‘ස්ප‍්‍රයිස් බර්ත්ඬේ පාටියක්’ දමා ඇත්තේ ලක්‍ෂ ගණනක් වියදම් කරමිනි. ඩයනාගේ පාදාන්තයේ සිට කේෂාන්තය දක්වා දැන් හැඩ වී ඇත්තේ ‘බ‍්‍රෑන්ඩර්ඞ්’ ඇඳුම් ආයිත්තම්වලිනි. අනුග‍්‍රහය සපයන්නේ ‘මාස්ටර් බ්ලාස්ටර්’ හෙවත් ‘සනා’ බෝයි විසිනි.
‘සනා’ බෝයි මේ ළඟකදී කැබිනට් අමාත්‍ය ධූරයක් ඉල්ලා ජනාධිපතිතුමාට ‘ලෙටර්’ එකක් ලියූ බව පසුගියදා මාධ්‍යයන්වල පළ විය. නමුත් ‘පැපරාසියා’ යෝජනා කරන්නේ, කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා ගන්නවාට වඩා ‘ශී‍්‍ර ලංකන්’ ගුවන් සේවයේ සභාපතිකම ‘සනා’ට ලබාගත හැකි නම් ‘හැට පැන හොට බිම ඇනෙන තුරු’ ඔහුට අලූත් යුවතියන් සමග ‘ගුවන් ඉනිමවල්’ කී‍්‍රඩා කළ හැකි බවයි.