ජනාධිපතිගෙන් සුනන්ද දේශප‍්‍රියට දුරකථන ඇමතුමක්
02 March, 2012 | | |
තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (06) උදෑසන ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර හෝටලයක බැල්කනියේ සිට බිමට ඇඳවැටුනු බව තානාපති ආරංචි මාර්ග මගින් දැනගත්
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසැනින් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සුනන්ද දේශප‍්‍රිය මහතා ඇමතීමට උත්සාහ කළ බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
මේ සඳහා හේතුවී ඇත්තේ සුනන්ද දේශප‍්‍රිය විසින් පසුගිය සුමානයේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලියාතිබුණ ‘‘මගේ නම සුනන්ද දේශප‍්‍රිය, මම ත‍්‍රස්තවාදියෙක් නොවෙමි’’ යන ලිපියයි. සුනන්ද දේශප‍්‍රිය මහතා මීට පෙර කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ලිපියක් පළකර ඇති අතර එය පළවී සති කිහිපයකින් දුමින්ද සිල්වා මාරාන්තික ප‍්‍රහාරයකට ගොදුරුවී ඇත. ඊට පෙර අමාත්‍ය මහින්ද විජේසේකරගේ නොමනා ක‍්‍රියාකළාපයන් විවේචනය කොට ලියූ ලිපියකට පසු මහින්ද විජේසේකර මහතාද ඔත්පල විය.
මේ බව හොදින් දන්නා ජනාධිපතිතුමා සුනන්ද වෙත පණිවිඩයක් එවා ඇත්තේ ‘‘අනේ මල්ලියේ මටනම් ලියුම් ලියන්ඩ එපා ගෙදර වරෙන්. උඹට හමුදා ආරක්ෂාව උනත් දෙන්නම් කියාය.’’ මේ බව ආරංචි වී ඇති මාධ්‍යවේදීහු මේ දිනවල අහවලාටත් ලියන්න, අහවලාටත් ලියන්න කියා සුනන්දට විවිධ නම් මතක්කරන බැවින්, සුනන්ද මේ දිනවල සිය ජංගම දුරකථනය පාවිච්චි කිරීම අත්හැර ඇති බව ‘පැපරාසියා’ට වැඩිදුරටත් වාර්තා වේ.