‘‘වටේට හිටිය සේරම පූසෝ එළෙව්වා ඒකනිසා මීයෝ දෙතුන් දෙනක් ඉන්නවා’’

02 March, 2012 | | |

තමාගේ වටේට සිටි හොරාකාපු පූසන් හැම එකාම එළවා දැමු නිසා තවත් මීයන් දෙතුන් දෙනෙක් තමාගේ වටේ කැරකෙන බව මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මේ දිනවල පවසමින් සිටින බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

මර්වින් සිල්වා මෙසේ ප‍්‍රකාශ කිරීමට හේතුවී ඇත්තේ ‘පැපරාසියා’ විසින් පළකළ ‘‘මර්වින් සහ ලූසිඩා 2012 වසරට වැඩ ඇල්ලූ හැටි’’ යනුවෙන් පළකළ පුවතට ප‍්‍රතිචාර දක්වමිනි.

මෙම පුවත පිළිබදව මර්වින් සිල්වාහට දැනුම්දී ඇත්තේ ඔහුගේ අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරියා ලෙස කටයුතු කරන රයන් විජේරත්න විසිනි.

සිදුවූ සැබෑ සිද්ධිය සියලූ දෙනාගෙන් වසන්වී තිබියදී එය ‘පැපරාසියා’ට ලබාදුන්නේ ගිහාන් කරුණාරත්නද නැත්නම් දැන් තමන්ගේ ලඟ සිටින එකම ගෝලයාවන යූ.අයි. උපුල් නොහොත් ‘පොලූ උපුල්’ද යන්න සැකහැර දැනගැනීමට ඇති නොහැකියාව නිසාවෙන් මර්වින් සිල්වා මේ දිනවල ඔවුන් දෙදෙනාගේ මෑනිවරුන් දවසකට තිස්හතලිස් වතාවක් සිහිකරමින් සිටී.

තමාගේ ග‍්‍රහයා අන්තිමටම නීචවී ඇති බව දන්නා මර්වින් මේ දිනවල කරන එකම කටයුත්ත මාලක විසින් රැුගෙන එන ඞීවීඞී චිත‍්‍රපට නැරඹීම පමණකි. ඒ හැරුනු කොට ගෙතුල පවත්වාගෙන යන දේවාලයට වැදී දවසට පැය 3ක් වත් දෙවියන් යැදීම ඔහුගේ දෛනික ක‍්‍රියා අතරට එක්වී තිබේ.

මර්වින් පත්වී ඇති මෙම තත්ත්වය පිළිබදව ලංකාවේ ජනතාවට වඩා වඩාත්ම සතුටුවන තැනැත්තිය ඔහුගේ බිරිඳ ලූසිඩා වේ. ඇයද මර්වින්ට පසු දේවාලයට වැදී දෙවියන් යදින්නේ මර්වින්ට හැමදාම මෙසේ ගේ ඇතුලටම වී සිටීමට හේතු කාරණා යෙදේවායි ප‍්‍රාර්ථනා කරමින් බව ‘පැපරාසියා’ ට වාර්තා වේ.