අමල්ව ඉස්සීමේ සතුටට රංජාගෙන් පාටියක්

02 January, 2012 | | |

මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ අමල් රුද්‍රිගු නමැත්තාව පිටකෝට්ටේ හන්දියේදී සුදු වෑන් රථයකින් පැහැරගෙන යාමේ සතුටට, මර්වින් සිල්වාගේ චක්ගෝලයා වන රංජන් සිල්වා නොහොත් ‘කළු රංජා’
කොල්ලූපිටිය සීවිව් ඇවිනිව්හි ‘වන්-සික්ස්-එයිට්’ චීන අවන්හලේ විශාල සාදයක් පැවැත්වූ බව ‘පැපරාසියා’ට වාර්තාවේ.

තමා සහ මර්වින් ඇමතිවරයා කෙටවීම සඳහා අමල් රුද්‍රිගු, මාලිගාවත්ත ඩොනල්ඞ් හා එක්ව ‘පැපරාසියා’ වෙබ් අඩවියට විවිධ ප‍්‍රවෘත්ති සැපයීම නිසා ඇමතිවරයා තමාව පන්නා දැමූ බව විශ්වාස කරන කළු රංජා, අමල්ටත් ‘ලොකු සීයාට’ අත්වූ ඉරණමම අත්වීම නියත බව මෙම සාදයේදී සඳහන් කර තිබේ.

අමල් රුද්‍රිගු විසින් මර්වින් ඇමතිවරයාට කේලම් කියා ඇමතිවරයා විසින් පවත්වාගෙන යනු ලබන කැලණිය, උපුල්වන් ශී‍්‍ර විශ්ණු දේවාලයේ භාරකාර මණ්ඩලයේ සභාපති ධූරයෙන් කළු රංජාව පන්නා දමා තිබේ.

අමල් රුද්‍රිගු පැහැරගෙන යාමෙන් පසු කැලණිය විශ්ණු දේවාලයේ පසුගියදා පවත්වනු ලැබූ වාර්ෂික පෙරහැරට සුබපතා කළු රංජා විසින් ‘දිවයින’ පුවත්පතේ සම්පූර්ණ පිටුවක සුබ පැතීමේ දැන්වීමක් පළ කොට ඇත්තේ නැවතත් ඇමතිවරයා සමග සෙට්වීමේ අරමුණෙනි. පෙරහැරට පසුව විශ්ණු දේවාලය වෙත ගොස් ඇති කළු රංජා, සෝමසාමිට රුපියල් දෙදහසක් ලබාදී විශේෂ යාතිකාවක් කරගෙන මර්වින් ඇමතිවරයා නැවතත් තමන් වෙත යාළු කර දෙන ලෙසට භාරයක්දවී තිබේ.

භාර-හාර කෙසේ වුවද ‘කළු රංජා’ නොහොත් රංජන් සිල්වාගේ නම සහ අත්සන කැලණිය  උපුල්වන් ශී‍්‍ර විශ්ණු දේවාලයේ බැංකු ගිණුමෙන් පවා ඉවත් කිරීමට මර්වින් සිල්වා භාරකාර මණ්ඩලයට උපදෙස් දී ඇති බව කළු රංජාගේ සාදයට පැමිණි බොහෝ අය දැන සිටියත්, ඒ බව ඔහුට නොපවසා ඇත්තේ, නිකං බීමට තිබෙන අවස්ථාව නැති කර ගැනීමට ඇති අකමැත්ත නිසාය.