‘පැපරාසියා’ගෙන් ‘පකරාසියා’ට

02 January, 2012 | | |

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයේදී ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයට එක්වෙමින්, ගාල්ල දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් මැති සබයට තේරී පත්වී රුපියල් ලක්‍ෂ 500 ක පගාවකට
තමාට ඡන්දය දුන් ජනතාවට ද්‍රෝහි වී ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට පැති මාරු කළ ‘දේශපාලන මීහරකෙකු’ ‘පැපරාසියාගේ ජාතකය’ සම්බන්ධයෙන් කළ ‘උම්බෑ’ ගෑමට පැපරාසියාගේ ප‍්‍රතිචාරය මෙසේ සටහන් කරන්නෙමු.

මේ අමනූෂ්‍යයාට අනුව පැපරාසියා කරන්නේ කාට හෝ මඩ ගසා එයින් තම බ්ලොග් අඩවියට පැමිණෙන පාඨකයින් ලවා ‘ගූගල් ඇඞ්’ ක්ලික් කරවාගෙන ඩොලර් හෙවීමයි. පැපරාසියා ආරම්භ වූ දා සිට මේ දක්වා අපගේ බ්ලොග් අඩවියේ කිසිදු ‘ගූගල්’ දැන්වීමක් පළ කොට නැත්තෙමු. අවම වශයෙන් ‘ගූගල්’ හෝ වෙනත් කිසිදු දැන්වීමක් අප පළ කර නැත්තෙමු. මේ මීහරකා ඌට ඩොලර්වලට ඇති කෑදරකම වැනි කෑදරකමක් අපටද ඇතැයි සිතයි. (මේ මීහරකා රවී විජේරත්නගේ ගෙදරදී සජින් වාස් ගුණවර්ධන පබා මන්තී‍්‍රවරියට ඩොලර්වලින් ලබාදුන් පගාවෙන් කොපමණ මුදලක් යටි මඩි ගසා ගත්තාදැයි අප විසින් ළඟදීම හෙළි කරන්නෙමු.)

බි‍්‍රතාන්‍යය ඇතුළු වෙනත් විවිධ විදේශ රටවල උසස් අධ්‍යාපනය ලබන ශී‍්‍ර ලාංකික සිසුන් සමූහයක් වන අප, ‘ඉවසා ඉවසා බැරිම තැන පැපරාසියා’ වැනි වෙබ් අඩවියක් මගින් සදාචාර සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, ලංකාවේ දේශපාලනඥයින් ඇතුළු සමාජ යාන්ත‍්‍රණය හසුරුවන පුද්ගලයින්ගේ සමාජීය මෙන්ම පුද්ගලික ජීවිතයට නිර්දය ලෙස පිළිගත් පුවත්පත් ආචාර ධර්ම කඩ කරමින් මෙසේ පුවත් පළ කරන්නේ වෙනත් කිසිදු සදාචාර සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවකින් එම කි‍්‍රයාවන් ඔවුන්ට තේරුම් කර දුන්නද, ඔවුන් ඒවා තේරුම් නොගන්නා නිසාය. මෙය ඔවුන්ට තේරෙන භාෂාවයි.

අප මෙම වෙබ් අඩවිය නඩත්තු කරන්නේ, අප සියලූදෙනා මෙම රටවල සුළු රැකියා කොට උපයා ගන්නා සොච්චම් මුදලින් මිස, එක එකාගේ බලල් අත් වී ලබාගන්නා ඩොලර්වලින් නොවේ. අපට කිසිදු දේශපාලන න්‍යාය පත‍්‍රයක් නැත. මොකා බලයට ආවත් අපට උන් ලවා කරවා ගැනීමට පුද්ගලික කිසිවක් නැත. ඇත්තේ ඇත්ත යුත්තිය ඉටු කරවා ගැනීම පමණි.

අමනුෂ්‍ය නානායක්කාර කියන ආකාරයට අපට අම්මෙක් - අප්පෙක් නැත්තේ නොවේ. අපගේ සංස්කාරක ඇතුළු සියලූම අය එතෙර සිටියත් නමින්ම පෙනී සිටිති. අපගේ දුරකතන අංක පවා ශී‍්‍ර ලංකාවේ බොහෝ දෙනෙකු සතුව පවතී. මේ අනුව අපගේ ප‍්‍රහාරයට ලක්වන  ඕනෑම පුද්ගලයෙකුට ක්‍ෂණයකින් අප හා සම්බන්ධවීමේ මාර්ග අප විසින් සලසා ඇත්තෙමු.

එම නිසා අමනූෂ්‍යයා කියන ආකාරයට උගේ ගමේ ළිං ගැට්ටේ අලවන කැලෑ පත්තරවලත් ‘පැපරාසියා’ගේත් සැබෑ වෙනස වන්නේ එයයි. ළිං ගැට්ටේ අලවන කැලෑ පත්තර කියවා බෝක්කු උඩ කල් මරමින් උන් අමනුෂ්‍ය නානායක්කාර වැනි අමනයින් කවුන්සලයට පත් කර එවු ගාලූ දිස්ති‍්‍රක් ජනතාව කල් මරමින් බලා සිටින්නේ ඊළඟ වතාවේදී අමනූෂ්‍යයා ඡන්දය ඉල්ලීමට පැමිණෙන තෙක්ය.

මනූෂ නානායක්කාරගේ අමනුෂ්‍යය කි‍්‍රයාකාරකම් පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ළඟදීම බලාපොරොත්තුවන්න.