Colombo Hilton හෝටලයේ Curry Leaf අවන්හල වසා දැමීමට යයි

05 December, 2011 | | |


කොළඹ හිල්ටන් හෝටලයේ පෙරදිග ආහාර සඳහා වෙන් කර තිබෙන සුප‍්‍රසිද්ධ Curry Leaf අවන්හල වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇති බව ‘පැපරාසියාට’ වාර්තාවේ.

මෙසේ මෙම අවන්හල වසා දැමීමට හේතු වී ඇත්තේ කොළඹ පාතාලයේ සාමාජිකයන් පිරිවරාගෙන දේශපාලනඥයන් මෙහි දිනපතා පැමිණ නොමිලේ ආහාර ගැනීම හේතුවෙනි.  දිනකට පුද්ගලයන් 30 - 40 ක ප‍්‍රමාණයකට නොමිලේ ආහාර සැපයීම හේතුවෙන් Curry Leaf අවන්හල මේවනවිට විශාල වශයෙන් පාඩු ලබමින් තිබේ.

මෙසේ පැමිණෙන පාතාල සාමාජිකයන් හා දේශපාලනඥයන් ඔවුන් විසින් රැගෙන එනු ලබන මත්පැන් මෙම අවන්හල තුළ පානය කිරීමට පුරුදු වී සිටීම ඉතාමත් ගැටලූ සහගත තත්ත්වයක් එහි පාලනාධිකාරියට ඇති කොට තිබේ.

කොළඹ හිල්ටන් හෝටලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සභාපති සුප‍්‍රකට ව්‍යාපාරික තිරු නඬේෂන් මහතා විසින් මෙසේ නොමිලේ ආහාර සැපයීම අනුමත කොට තිබෙන්නේ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට සහ සුප‍්‍රකට ව්‍යාපාරික රත්තරං තිලක් මහතාට පමණි. නමුත් මර්වින්ගේ සහචරයන් වන කළු රංජා, මාලිගාවත්ත ඩොනල්ඞ් වැනි සුප‍්‍රකට පාතාලයන් තම කණ්ඩායම් සමග ගොස් Curry Leaf අවන්හලෙන් නොමිලේ ආහාර ගැනීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව පාලනාධිකාරිය විසින් සභාපති තිරු නඬේෂන් මහතාට දන්වා ඇතත්, මේ සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමට තමන් අපොහොසත් බව ඔහු පාලනාධිකාරියට දන්වා තිබේ.