ජෝනීගේ නොටෝරියස් ‘නිරූ’

05 December, 2011 | | |


අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස පත් කර ඇති ‘නිරූ’ නමැති කත කුරුණෑගල නොටෝරියස් කතක් බව 'පැපරාසියාට' වාර්තා වේ.

නිරූට මෙම තනතුර ලබාදී ඇත්තේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයාගේ ප‍්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී මොහොමඞ් ඉලියාස් නොහොත් ‘ඩිඩා’ විසිනි.

ජොන්ස්ටන් ඇමතිවරයා අමාත්‍යංශයේ නොසිටින සඳුදා දිනය නිරූටත් නිවාඩු දිනයක් වන අතර, එම දින විවිධ ව්‍යාපාරික පුද්ගලයන් නිරූගෙන් ඇපොයිමන්ට් එකක් ලබා ගැනීම සඳහා තරගයක් ඇති වී තිබේ. මෙසේ මෙම ව්‍යාපාරිකයන් නිරූගෙන් ඇපොයිමන්ට් ලබා ගන්නේ ජොන්ස්ටන් ඇමතිවරයා ලවා විවිධ කටයුතු සිදු කරවා ගැනීමට මිස ඉස්සර මෙන් නිරූගෙන් වෙනත් සේවයක් ලබා ගැනීමට නොවේ.

ජොන්ස්ටන් ඇමතිවරයා නිරූට රුපියල් 75,000 ක මාසික වේතනයක් අනුමත කොට ඇති අතර, අමාත්‍යංශයේ මෝටර් රථයක් ඇයගේ පාවිච්චිය සඳහා වෙන් කොට දී තිබේ.