මර්වින්ගේ මනාපේ ඩානස් ස්ටාර්ස් ඩාන්ස් හි මේනකාට

05 December, 2011 | | |


'ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්' හි කිරුළ ලබාදීමට ස්වර්ණවාහිනී නාලිකාවේ අභ්‍යන්තරය තුළ දෙදෙනෙකුගේ නම් යෝජනාවී ඇති බව පැපරාසියා වෙත වාර්තා වේ.

ස්වර්ණවාහිනි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බහුතරයක් එම කිරුළ අනුෂා දමයන්තිට ලබාදීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද එම වැඩසටහනේ විනිශ්ච මණ්ඩලයේ සිටි ඇමති මර්වින් සිල්වාගේ මනාපය වී ඇත්තේ එය මේනකා පීරිස්ට ලබාදිය යුතු බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඇමති මර්වින්ට එවැනි බලපෑමක් ඇති කිරීමට හැකිවී ඇත්තේ ඔහු ස්වර්ණවාහිනියේ කොටස් කරුවෙකු වන නිසා බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

මෙම තරගයේ අවසන් තරගය ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

අවසන් තරගය සඳහා මේවන විට අනූෂා දමයන්ති හා මේනකා පීරිස්ට අමතරව, හේමාල් රණසිංහ හා චිලී යන නර්තන ශිල්පීන් දෙදෙනාද එක්ව කෙසේවුවද එම රූපවාහිනී වැඩසටහන විකාශය කිරීමේදී පේ‍්‍රක්‍ෂකයාට පවසන්නේ මෙම තරගයේ ජයග‍්‍රාහකයා තෝරාගනු ලබන්නේ වැඩිම එස්.එම්.එස්. මනාපය අනුව බවයි.