අමුණුගමගේ දියණියට මහජන බැංකුවෙන් පිනට මුදල්

05 December, 2011 | | |


මහජන බැංකුව මගින් කිසිදු ච‍්‍රලේඛනයක්ද නිකුත් නොකර ඇමැති සරත් අමුණුගමගේ දියණිය වන වරුණි අමුණුගම ප‍්‍රනාන්දුට මිලියන 163 ක මුදලක් ලබා දීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ.
පසුගිය දා එළිදක්වන ලද 2010 මහජන බැංකුව සම්බන්ධ විගණන වාර්තාවෙන්  මේ බව අනාවරණය වේ.
වරුණි අමුණුගම සහ ආරක්ෂක ලේකම්ගේ උපදේශක දිලිත් ජයවීර විසින් පවත්වා ගෙන යමුලබන  ට්‍රයඩ්   දැන්වීම් ආයතනයට මෙසේ මුදල් ලබාදී ඇත. . විගනන වාර්තාව දක්වන පරිදි රුපියල් 136,891,818 ක මුදල සදහා මහජන බැංකුවේ පරිපාලන මණ්ඩයේ අනුමැතියක් හෝ එම ආයතනයත් සමග කිසිදු ගිවිසුමකට එළඹ නැති බවද වාර්තාකර වේ.