මණ්ඩලේ කචල් නිසා කි‍්‍රකට් විනිසුරුකම් අහිමි වෙයි
05 December, 2011 | | |අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයට ශී‍්‍ර ලංකාවෙන් නිර්දේශ කිරීමට යෝජිත විනිසුරුවන් නම් කිරීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනිසුරුවන් අතර බරපතල ගැටලූ රැසක් පැනනැඟී ඇතැයි ‘පැපරාසියාට’ වාර්තාවේ.
තම තමන්ට හිතවත් පිරිස් මෙම නිර්දේශය සඳහා ඇතුළත් කර ගැනීමට කි‍්‍රකට් ආයතනයේ සහ කි‍්‍රකට් විනිසුරු සංගමයේ නිලධාරීන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන බරපතල කි‍්‍රයාවන් පවා ගෙන ඇතැයි වාර්තාවේ.
ශී‍්‍ර ලංකාවෙන් නිර්දේශ වන කමිටුව සඳහා සභාපති ලෙස නලීන් ද අල්විස් මහතාද එහි සෙසු සාමාජිකයන් ලෙස උවයිස් කරනයින්, ඒ.ආර්.එම්. අරුස් සහ ලෝචන ජයවර්ධන යන මහත්වරුන් යෝජනා වී ඇත.
එහෙත් කි‍්‍රකට් ආයතනයේ බලධාරියෙකුගේ උවමනාවට කි‍්‍රකට් විනිසුරු කමිටුවේ කලින් සේවය කළ නිලධාරීන් විසින් නිර්දේශිත විනිසුරුවන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට යැවීමට උත්සාහ ගනිමින් සිටී. ඒ අතර අශෝක සිල්වා, රැන්මෝ මාර්ටින්, රුචිර පල්ලියගුරු යන මහත්වරුන් වෙති.
මීට පෙර යෝජනා වූ රවී ද සිල්වා ඇතුළු පිරිසකගෙන් සමන්විත කමිටුව අවුල් නිසා එම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
කෙසේ වෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කි‍්‍රකට් විනිසුරුවන් පත්කිරීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව විසින් අත්හිටුවා තිබේ. මේ හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන අන්තර්ජාතික කි‍්‍රකට් තරග රාශියක් ශී‍්‍ර ලංකා විනිසුරුවන්ට අහිමි වනු ඇත.