අපේ ජැකලින් දෙලොවක් අතර?
05 December, 2011 | | |ශ්‍රීලංකාවෙන් බිහිවූ බොලිවුඩ් රැජින, ජැකලින් ෆර්නැන්ඩස් ගැන දැන් කාගේත් අවධානය යොමුවෙලා. පසුගිය සති කිහිපය තුළ ජාත්‍යන්තර මාධ්‍ය ඇය ගැන නොයෙකුත් ආරංචි පතුරුවා හැරිය නිසයි කවුරුත් ඇගේ වගතුග කතාකළේ. ජැකලින් ප්‍රධාන චරිතයක් රගපෑ ‘මර්ඩර් – 2’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේත් ප්‍රදර්ශනය ඇරඹූ නිසා මෙරට සිනමා රසික පරපුර වෙනදාටත් වඩා ඇගේ වතගොත විමසනවා.
පසුගිය සතියේ බොලිවුඩ්පුරයෙන් දැනගන්නට ලැබුණේ මේ රූ රැජන අලුත්ම ප්‍රෙම සම්බන්ධයක පැටලී සිටින බවයි. බහරේනයේ ෂීක් හසන් බින් රෂිඩ් රජ කුමරු සමඟ පෙමින් වෙලී සිටි ඇය ළඟදීම ඔහුගේ මනාලිය වන බවටත් ආරංචි පැතිරී ගියා. නමුත් ඉන්පසුව දැනගන්නට ලැබුණේ ඇය ඔහුගෙන් වෙන්වූ බවයි. මේ වනවිට ඇය චිත්‍රපට නළුවකු සහ අධ්‍යක්ෂවරයකු වන සජිඩ් ඛාන් සමඟ හාදකමකට මුල පුරා ඇති බව පැවසෙනවා. (සජිඩ් ඛාන්, බොලිවුඩ් සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරියක සහ නර්තන අධ්‍යක්ෂවරියක වන ෆාරා ඛාන් කුන්දර්ගේ බාල සොහොයුරායි) මේ දිනවල ඉන්දියාවේ සාර්ථක ලෙස තිරගත කෙරෙන ‘හවුස් ෆුල්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් සජිඩ් ඛාන්. මෙහි ජැකලින් ද ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.
මේ අලුත් සම්බන්ධය ගැන ජැකලින්ගෙන් විමසූ විට ඇය තරමක නොසන්සුන් තත්ත්වයකට පත්වුණා. ඇය කතාකළේ කෝපයෙන්. ..”මේ වගේ කතා පතුරුවන්නෙ මේ ක්‍ෂේත්‍රයේම ඉන්න අය. ‘හවුස් ෆුල්’ චිත්‍රපටය තිරගත කෙරෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දියි ඔය කටකතාව හතර අතේ පැතිරුණේ. බොලිවුඩ්වල මේ වගේ දේවල් සිද්ධ වෙනවා මට වුණේත් ඒ වගේ දේකට මුහුණ දෙන්නයි.” ජැකලින් එහෙම කිව්වත් සජිඩ් ඛාන් ගේ හිතවතකු කියා සිටියේ ඊට වඩා වෙනස් දෙයක්..
”ජැකලින් - සජිඩ් අතරෙ ආශ්‍රයක් තියෙනවා. ‘හවුස් ෆුල් - 2’ චිත්‍රපටයේ රූපගත කිරීම් කරපු දවස්වලදි තමයි මේ ආශ්‍රය ඇති වුණේ. ඒ දවස්වල රූපගත කිරීම් පොඩ්ඩකට නතර කරලා හැමෝම ටිකක් විවේක ගන්න අතරෙදි ජැකලින් අතුරුදන් වෙනවා. මේක නිතරම සිද්ධ වුණා. අපි හැමෝම හිතුවෙ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයක් රඟපාපු රිටිෂ් දේශ්මුඛ් එක්ක ජැකලින් ඇවිදින්න ගියා කියලයි. මොකද, ‘ඇලඩින්’ චිත්‍රපටය රූපගත කරන දවස්වලදිත් ජැකලින්ගෙයි රිටිෂ්ගෙයි හාදකමක් තියෙනවා කියල කවුරුත් කියපු නිසා. ඒත් අපි ඊට පස්සෙයි දැනගත්තෙ රිටිෂ් කොහෙවත් නොගිහින් පැත්තකට වෙලා චිත්‍රපටයේ තිර නාටකය කියව කියවා හිටිය බව. ජැකලින් ඇවිදින්න ගිහින් තියෙන්නෙ රිටිෂ් එක්ක නෙමෙයි. සජිඩ් එක්කයි. ඉන්පස්සෙ තමයි මේ දෙන්නගෙ සම්බන්ධයක් තියෙනවයි කියල කවුරුත් කියන්න පටන් ගත්තෙ.”
මේ කතාව ඇත්තද? මාධ්‍යවේදියකු ජැකලින් සමඟ පැවැත්වූ කෙටි සම්මුඛ සාකච්ඡාවකදී ‘හවුස් ෆුල් - 2’ රූපගත වෙද්දී සිදුවුණා යැයි පැවසෙන මේ සිද්ධිය ඇගෙන් විමසුවා...
”මං හිතන්නෙ ඔය වගේ දේවල් මෙතනට කොහෙත්ම අදාළ නැහැ කියලයි. මගේ පෞද්ගලික ජීවිතයේ සිද්ධි මම නම් කොහෙත්ම ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ. ඒවා ගැන විස්තර කියන්න මට නම් බැහැ. ෂීක් හසන් එක්ක තිබුණු සම්බන්ධය ගැනත් විස්තර කියන්න බැහැ. පෞද්ගලික විස්තර ප්‍රසිද්ධියේ නොකියන ප්‍රතිපත්තියක් තමයි මට තියෙන්නෙ. ඒ ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක වෙනවා. සජිඩ් ඛාන්ට මම ගෞරව කරන බව නම් කියන්න ඕනෙ.” ජැකලින්, තමන්ට නැවුම් අත්දැකීම් ලබාදුන් බොලිවුඩ් පුරය ගැනත් සඳහන් කළා....
”මම මුලින්ම බොලිවුඩ් සිනමාවට ආපු දවස්වල මට හිතුණෙ මේක කොයිතරම් සුන්දර තැනක් ද කියලයි. මාත් එක්ක හැමෝම හොඳින් කතා බහ කළා. හිනාවුණා. හැම කෙනෙක්ම මගේ යහළුවෙක් යෙහෙළියක් වගෙයි. ටික කාලයක් යන කොටයි මට තේරුණේ, ඒ හැම හිතවත්කමක් ඇතුළෙ තියෙන්නෙ වෘත්තීය අවශ්‍යතාවන් බව. මේ හැමෝම ඉන්නෙ සල්ලි හම්බ කරන්න. මේක ව්‍යාපාරයක්. අපිටත් ඒ ලෝකෙට ඇතුල්වෙන්න සිද්ධ වෙනවා.”
”මට නම් බොලිවුඩ් සිනමාවෙ එකම යහළුවෙක්වත්, යෙහෙළියක්වත් නැහැ. මේක අනුකම්පා නැති සිනමා කර්මාන්තයක්. අපි කවුරුවත් දන්නෙ නැහැ, මේ කර්මාන්තයෙ ඉන්න අයගෙන් කවුද හැබෑවටම අපිත් එක්ක හිතවත් කියලා. හතුරා, මිතුරා එක පාරටම හඳුනගන්න බැහැ. ඒ නිසා මම කා එක්ක හරි හිතවත් වෙන්නෙ හරිම කලාතුරකින්. කවුරුවත් විශ්වාස කරන්නෙ නැහැ. විශ්වාස කරන්න හරිම අපහසුයි. මේ කිසිම කෙනෙක් මාත් එක්ක හිතවත් වෙන්න ඕනෙ කියල මම නම් හිතන්නෙ නැහැ. ඒ අයත් මම වගේම මේ සිනමා කර්මාන්තයෙ රස්සාව කරගෙන ඉඳීවි.”
එහෙම නම් ජැකලින් මේ කියන්නේ ඇය බොලිවුඩ්පුරයේ තනිවී සිටින බවද?....
”මම තනිවෙලා නැහැ. මගේ දෙමව්පියෝ ඉන්නවා. ඒ අය මාව බලන්න නිතරම එනවා. මම ගෙදරට වෙලා තනිවම හිටියත් චිත්‍රපටවල රඟපාන්න ගියාම ඕනෑතරම් කතාබහ කරන්න කට්ටිය ඉන්නවා. කතාකරලා... කතා කරලා... ගෙදර ආවට පස්සෙ මට නිදහසේ ඉන්න පුළුවන්.”
ජැකලයින් මේ කතාබහේදී සැඟවූ කාරණයක් ෆාරා ඛාන් ඊට පසු දිනයකදී හෙළිදරව් කර තිබුණා. ඒ, ජැකලින් සහ සජිඩ් (ෆාරාගේ සොහොයුරා) අතර සම්බන්ධයක් තිබෙන බව තමන් දන්නා බවයි. සජිඩ් ගේ හිතවතකු පැවසුවේ ජැකලයින් සහ සජිඩ් අතර විවාහය ඉතා ඉක්මනින්ම සිදුවේවිය කියලයි. නමුත් ඒ බව තහවුරු වී නැහැ.
