‘‘උඹ හොරෙක් කියලා කළුතර විතරක් නෙමේ මුලූ ලංකාවම දන්නවා’’ වාද්දුවේ මළ ගෙදරක මළ කෙළියක් !
05 December, 2011 | | |පසුගිය දා වාද්දුවේ මොල්ලිගොඩ මළගෙදරකදී එකිනෙකා හමුවී ඇති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ ඔහුගේ සොයුරා සියගණනක් ජනතාව ඉදිරියේ තම තමන්ගේ චරිත සහතික ලියාගත් බව පැපරාසියාට වාර්තා වේ.
පසුගිය සුමානේ පැපරාසියා විසින් වාර්තා කරන ලද ‘‘රත්තරංගේ අයියත් හොර ජාවාරම්වල’’ ප‍්‍රවෘත්තිය ලැව්ගින්නක් සේ ප‍්‍රචාරය වීම නිසා ඉන් කෝපයට පත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන වාද්දුවේ මළගෙදරකදී තම සොයුරා හමුවූ විට ඔහු වෙත කඩා පනිමින් අසා ඇත්තේ ‘‘මොනවද මේ පත්තරවල වෙබ් සයිට්වල යන කතා. උඹ මගේ නම විකුණලා අසාධාරන විදිහට හම්බනකරනවලූ නේද? මං දන්නවා උඹගැන වහාම ඔය වැඬේ නවත්තපන්. නැත්නම් මං නරක මිනිහා කියන්න එපා’’ යනුවෙන් තම සොයුරාට පවසා ඇති අතර ඊට පිලිතුරු වශයෙන් සොයුරා පවසා ඇත්තේ ‘‘අපොයි උඹ කවුද කියලා කළුතර විතරක් නෙමෙයි මුලූ ලංකාවම දන්නවා. උඹ බීච් බෝයි කෙනෙක් වෙලා ඉන්න කාලේ සුද්දන්ට දුන්න හැටියි කෝචිචිවල අසරණ කෙල්ලන්ගේ මාල කඩපු හැටියි හැමෝම දන්නවා. උඹ නිකන් සුදනා වෙන්න හදන්න එපා. උඹ මගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැතිව උඹේ හොරකමක් කරගනින්’’ යනුවෙනි. ලැජ්ජවෙන් ඇඟ කිලිපොලායන මෙම සංවාදය මලගෙදරට පැමිණ සිටි සියලූ දෙනා සාවදානව අසා සිට ඇති අතර ඊලඟ මහාමැතිවරණයේදී මේ සඳහා දියයුතු තීරණය ඔවුන් දැනටමත් තීරණය කර ඇති බව පැපරාසියාට වැඩිදුරටත් වාර්තා වේ.