ඇමති මර්වින්ගෙන් සහ රත්තරං තිලක්ගෙන් කාදර් පවුලට මරණ තර්ජන

05 December, 2011 | | |


කොළඹ රමාඩා හෝටලයේ (කලින් මෙය හොලිඬේ ඉන් හෝටලයයි) මෙහෙයුම් අධ්‍යක්‍ෂකව සිටි ශාන්තිකුමාර් මහතා ඔහුගේ රැුකියාවෙන්, මෙම හෝටලය අයත් කාදර් පවුලේ උදවිය විසින් නෙරපා හැරීම නිසා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ ජනාධිපතිතුමාගේ දීර්ඝකාලීන මිතුරෙකුවන

කෝටිපති ව්‍යාපාරික රත්තරං තිලක් පසුගිය දිනවල කාදර් පවුලේ අයට වහාම ශාන්තිකුමාර් මහතාව නැවතත් සේවයේ පිහිටුවන ලෙස දිගින් දිගටම බලපෑම් එල්ලකරමින් සිටින බව පැපරාසියාට වාර්තා වේ. මෙසේ ශාන්තිකුමාර් මහතාව නැවතත් සේවයේ පිහිටුවන ලෙස මොවුන් දෙදෙනා බලපෑම් කරන්නේ ශාන්තිකුමාර් මහතා විසින් රමාඩා හෝටලයේ කෑම බීම සහ ඉඳුම් හිටුම් ඔවුන් දෙදෙනාට නොමිලේ ලබාදුන් බැවිනි. මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා තම සියලූම මහජන සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබෙන්නේ මෙම හෝටලයේදීය. මෙසේ තම ක‍්‍රියාකාරකම් නොමිලේ පවත්වාගෙන යාමට උදව් දුන් ශාන්ති කුමාර් මහතා කෙසේ හෝ නැවතත් රැකියාවේ පිහිටුවීමට මර්වින් සිල්වා බලවත් උත්සාහයක් දරමින් සිටී.
තම උත්සාහය අසාර්ථක වුවහොත් කාදර් පවුලට අයිති රමාඩා හෝටලය සහ ග්ලෝබල් ටවර් මිලදී ගැනීම සඳහා සූදානම් වනලෙස මර්වින් සිල්වා ඇමතිවරයා විසින් රත්තරං තිලක් මහතාට දැනුම් දී ඇති බව පැපරාසියා වැඩිදුරටත් වාර්තා කරයි.