හොරා කෑම මාට්ටු වී ගවනර්ගේ ගෙදර කචල්

07 December, 2011 | | |


ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති නිවාඩු කබ්රාල් මැතිතුමා මේ දිනවල ‘ගෙදර ගියොත් අඹු නසී - මග සිටියොත් ගර්ල්ෆ්‍රෙන්ඞ් නසී’ වැනි තත්ත්වයට මුහුණ දී ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට ලබා ගැනීම සඳහා සෙන්ට් කීට්ස් බලා ගිය හරක් පට්ටියේ හොඳ ගවයෙකු වූ නිවාඩු කබ්රාල් මැතිතුමා සෙන්ට් කීට්ස්හි පට්ටි දැමීම සඳහා තම හොර එළදෙන වන දර්ශනීය නමක් ඇති අමරතුංග ලේකම්වරිය කැඳවා ගොස් ඇති අතර, සෙන්ට් කීට්ස්හිදී නිවාඩු කබ්රාල් ගවනර්තුමා යහමින් කිරි දොවා ගත් බව ආරංචි වේ.

මෙම ආරංචිය ගවනර් තැනගේ ගෙදර ගවනර්ට කවුදෝ මහ බැංකුවේ නොසන්ඩාලයෙකු පත්තු කිරීම නිසා ගෙදර ගවනර්වරිය මහ බැංකු ගවනර්ට එරෙහිව පස්වන ඊළාම් යුද්ධය ප‍්‍රකාශයට පත් කොට තිබේ.

සත්කාරයට වියදම් කළ මුදල් පිළිබඳව ප්‍රෙස් කොන්ෆරන්ස් තියමින් එක එක බයිලා කියමින් සිටින අව්අස්සේ, මේ පාත් වුණු ගිනි ගෙඩියටත් ගෙදර උන්දෑට හා පවුලේ උදවියට හේතු දැක්වීමට මේ දිනවල රාති‍්‍ර කාලයේ ප‍්‍රයිවට් ප්‍රෙස් කොන්ෆරන්ස් තැබීමට ගවන්ර්තුමාට සිදු වී ඇති බව ‘පැපරාසියා’ට වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේවුවද දර්ශනීය නමක් ඇති අමරතුංග තමන්ගේ නගින උද්ධමනය ගවනර්තුමා විසින් අද හෙටම බස්වනු ඇතැයි අචල විශ්වාසයෙන් පසුවන්නීය.