ජනපති වාදනය කරන ජනනාත්ගේ තබ්ලාව
07 December, 2011 | | |අපේ ජනාධිපතිතුමා හැටහය පැන්නත් තබ්ලා ගැසීම අත්හැර නැත. ජනාධිපතිතුමා ගැටයා සන්ධියේ සිටම තබ්ලා වාදනයට උපන් හපන්කම් ඇත්තෙකි. එතුමා එකම තබ්ලාව දිගටම වාදනය කරන්නේත් නැත. කලින් කලට තබ්ලා මාරු කරයි.
වැඩිපුර තබ්ලා වාදනය කිරීම ජනනායකයකු වීමට නොගැලපෙන්නක් බව කව්දෝ නායක හාමුදුරුවන් වහන්සේ නමක් එතුමාට කොල්ලා කාලයේ කියූ ආකාරය, එතුමාට තාමත් මතක තිබේ. එතැන් පටන් එතුමා තබ්ලා වාදනය කරන්නේ වේලාවට සහ කලාවටය.
තමාට කලින් ජනාධිපතිවීමට පෙරුම් පුරමින් උන් හොරගොල්ල වලව්වේ අනුර කොලූවාට තබ්ලා ගැසීම පුරුදු කළේ ජනාධිපතිතුමාය. දෙදෙනාම කොල්ලන් කාලයේ හැන්දෑවට සූර් වී තබ්ලා වාදනය කළ අතර, අනුර කොලූවා වෙලාවක් සහ කලාවක් නොදැන තබ්ලා වාදනය දවස තිස්සේම කිරීමට යෑම නිසා අතුරු ආබාධ උත්සන්න වී මියපරලොව ගියේය.
ගෙදර තබ්ලාව ඇද යට තබා ඇති ජනාධිපතිතුමා ඊට ඉදහිට තට්ටු කරන අතර, සල්ලි මිටියක් ඒ මත තබා ආපහු ඇද යටට තල්ලූ කරයි.
ජනාධිපතිතුමා මෑතක් වන තුරුම ජැයික් හිල්ටන් එපාට්මන්ට් එකට වයින් බෝතලයක්ද රැගෙන ගොස් කාරියප්පෙරුම සහෝදරයින්ට අයත් තබ්ලාව වාදනය කළ අතර, එසේ වාදනය කරන බව ගෙදර තබ්ලාවට ආරංචි වුණු පසු කාරියප්පෙරුම තබ්ලාව හොර රහසේම කැනඩාව බලා නැව්ගත කළේය. තබ්ලාව නැවත ලංකාවට පැමිණියද වැඬේ එතැනින් අහවර වූයේ ගෙදර තබ්ලාව හරහට සිටින නිසාය.
ජනාධිපතිතුමා ළඟකදී සිට ජනනාත් සංගීතවේදියාට අයත් තබ්ලාව වාදනය කරන බව ගෙදර තබ්ලාවට ආරංචි වී ඇති අතර, මෑතකදී එම තබ්ලාවේ නඩත්තු කටයුතු සඳහා ආශා සෙන්ට‍්‍රල් හොස්පිටිල් එකට බිලක්ද ගෙවා ඇති බව ගෙදර තබ්ලාවට දැන ගන්නට ලැබී ඇත්තේ ආශා සෙන්ට‍්‍රල් හොස්පිටිල් එකේ කැෂියර් කෙනෙකු මාර්ගයෙනි.
වැඬේ මාට්ටුවීම පිළිබඳව විස්සෝපයෙන් සිටින ජනාධිපතිතුමා ගෙදර තබ්ලාව සහ ජනනාත්ගේ තබ්ලාව ෂේප් කර ගැනීම සඳහා උපාය මාර්ගයක් මේ දිනවල කල්පනා කරමින් සිටින බව ‘පැපරාසියා’ට වාර්තාවේ.