හැමදාම හොර කොටු පනින මර්වින්, තිස්සට සල්ලාලයා කියයි
07 December, 2011 | | |එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා මර්වින් සිල්වා සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශයකට පිළිතුරු දෙමින් මර්වින් සිල්වා පවසා ඇත්තේ, තිස්ස අත්තනායක වැනි ‘සල්ලාලයෙකු’ගේ ප‍්‍රකාශයන් තමන් ගණන් නොගන්නා බවයි.
ගැහැණු - පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙක් සමග ප‍්‍රසිද්ධියේ නිදිවදිනා මර්වින් සිල්වා වැනි අමනයින්, මෙවන් කතා කියන්නේ ඇඳුම් ඇදගෙන දැයි ප‍්‍රශ්නයකි.
තිස්ස අත්තනායක මහතා පළමු විවාහය අසාර්ථක වීමෙන් අනතුරුව එක්තරා පාර්ලිමේන්තු මන්ති‍්‍රනියක් සමග වාසය කරන බව ප‍්‍රසිද්ධ රහසකි. එය ඔවුන් සිදු කරන්නේ ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන පරිදිය.
නමුත්, කැලණිය වරාගොඩ වත්තේ ‘බේලින් මුදලාලි’ගේ ලේලියගේ පටන් පබාගේ සැමියා වන මහේෂ් දක්වා හැම කෙනෙකු සමගම ගැහැණු - පිරිමි භේදයකින් තොරව අසම්මත සබඳතා පවත්වන මර්වින් සිල්වා හැඳින්වීමට සිංහල භාෂාවේ ‘සල්ලාලයා’ යන වචනය ප‍්‍රමාණවත් නොවේ.
දිනපතා දියවැඩියාවට හා අධික රුධිර පීඩනයට ගිල දමන බෙහෙත් පෙති සමග ව්‍යාඝ‍්‍රා පෙති ගිල දමන මර්වින් ඇමති හට, පස්වරු 7.00 ට පමණ හොර කොටුවක් සම්පාදනය කරදීම ‘කළු රංජා’ හෙවත් රංජන් සිල්වාගේ දෛනික රාජකාරියකි.
දන්න කියන සේරම නිලියන් ෂූටින් ගොස් ඇත්නම්, මර්වින් සිල්වාව වැල්ලවත්තේ ‘බඩු ලොක්කාගේ මසාජ් ක්ලීනික්’ එකට හෝ රැගෙන යාමට කළු රංජාට සිදුවෙයි. ‘‘අපේ ඇමතියට තුන් වේල වැරදුනත් මේ වැඬේ නම් වරද්දන්න බෑ’’ යැයි කියමින් කළු රංජා තම රාජකාරිය ඉටු කරයි.
එහෙව් නොසන්ඩාල වැඩ කරන ඇමතියෙක් තම විවාහය කටු ගා දමා ගැහැණියක් සමග විවාහ නොවී ජීවත් වන මිනිසෙකු හට ‘සල්ලාලයා’ යැයි කීම මොන තරම් විහිළුවක්ද දැයි මර්වින්ගෙන් අපට ඇසීමට සිදුවෙයි.