උදාරිට අපෙන් සුබ පැතුම්
07 December, 2011 | | |ජනපි‍්‍රය නිලි උදාරි වර්ණකුලසූරිය මවක්වීමට යාමේ පුවත මේ දිනවල ලංකාවේ ජනමාධ්‍යවල ජනපි‍්‍රය මාතෘකාව බවට පත් වී තිබේ. ‘පැපරාසියා’ එම පුවත හෙළි කළේ මීට තුන් මාසයකට ඉහතදීය. එනම් 2011 අගෝස්තු මස 25 වනදාය.
උදාරිගේ මව්පියන්ටත් කලින් ‘පැපරාසියා’ ඒ බව දැනගත්තේය. එම පුවත අප සැල කළ පසු කවුරුත් හිතුවේ එය බොරුවක් කියාය. නමුත් එය ඇත්තක් බව මාස තුනකට පසු උදාරිම පිළිගනී. එම පුවත කලින් හෙළි කිරීම පිළිබඳව උදාරි අප හා උරණ වී සිටියාය. ඒ වෙනත් හේතුවක් නිසාය.
කෙසේ වුවද, මව් පදවිය ලැබීම යනු කාන්තාවකට අතිශය උතුම් වාසනාවන්ත අවස්ථාවකි. මෙම වාසනාවන්ත අවස්ථාවේදී ‘පැපරාසියා’ උදාරිට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.