අමාත්‍යංශය සහ නගර සභාව මේනකාගේ ගෙදර පිහිටුවයි

07 December, 2011 | | |


මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ශාඛාවන් සුප‍්‍රසිද්ධ ටෙලි නිලි මේනකා පීරිස්ගේ නිවසේ පිහිටුවා ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

උදේ වරුවේ මහජන සම්බන්ධතා අමාත්‍යංශයේ ඇමති ආචාර්ය මර්වින් සිල්වා තම අමාත්‍යංශයේ කටයුතු මේනකාගේ නිවසේ සිට මෙහෙය වන අතර, ඔහු නික්ම යාමෙන් අනතුරුව පැමිණෙන දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග මේනකාගේ නිවසේ සිට සිය නිල කටයුතුවල යෙදේ.

මර්වින් සිල්වා ධනසිරිට හොරෙනුත්, ධනසිරි අමරතුංග මර්වින්ට හොරෙනුත් මෙම රාජකාරීවල නිරතවීම මෙහි ඇති විශේෂත්වයයි. දෙදෙනාම මේනකාගේ හිත දිනා ගැනීම සඳහා විවිධ උපක‍්‍රම පාවිච්චි කරනු ලබයි.

ධනසිරි සතියකට සැරයක් හෝ දෙසැරයක් විවිධ තෑගි බෝග මේනකා වෙත ගෙන එන්නේ, ‘‘මේක අපේ වයිෆ්ට පොඩි වැඩියි....’’ ‘‘මේ ජාතියෙම එකක් වයිෆ්ට තියෙන නිසා මේක එයා ඔයාට දෙන්න කිව්වා....’’ වැනි කොමල වදන් තෙපලමිනි.

මර්වින් සිල්වාට ධනසිරිගේ තෑගි කෙලිය අල්ලන්නේ නැත. පසුගිය දිනෙක ඔහු මේනකාගේ නිවසේ සිටි අවස්ථාවකදී උත්සවයකට ආරාධනා කිරීම සඳහා මේනකාව හමුවීමට පැමිණි ගමේ කොලූ පිරිසකට මර්වින් සිල්වාගේ මැරයින් පහරදී ඇත්තේ ඔවුන් ධනසිරිගේ ගෝලයින් යැයි සිතාය.

ධනසිරි මේනකා ඉදිරියේ මර්වින්ව හඳුන්වන්නේ ‘සීයා’ කියාය. ‘‘කොහොමද සීයා.... අද උදේ ආපු වෙලාවේ මොනවද මිණිපිරියට ගෙනාවේ? සීයාට දැන් තොත්තුවක් දීගන්නත් අමාරුයි නේද? නමුත් කුපාඩිකම නම් මැරෙනකම් යන්නෑ’’ යනුවෙන් ධනසිරි පවසන විට මේනකා ඇඹරෙමින් සිනහසෙයි.

ධනසිරිගේ ‘සීයා’ යෙදුම නියම අරුතකින් කරන ලද්දක් බව හැඟී යන්නේ මේනකාගේ පියා මර්වින්ට වඩා අවුරුදු 15 කින් පමණ බාල අයෙකුවීම නිසාය. මේනකා මර්වින්ට වඩා අවුරුදු 46 ක් ළාබාල යුවතියකි.

මේ අයුරින් බැලූ කල ආචාර්ය මර්වින් සිල්වා දෙවැනි වන්නේ ‘ප්ලේබෝයි’ සඟරාවේ 85 වියැති හිමිකරු හියූ හෙෆ්නර්ට පමණි. හියූ හෙෆ්නර්ගේ වර්තමාන සහකාරිය වන කි‍්‍රස්ටල් හැරිස්ගේ වයස අවුරුදු 25 කි. දෙදෙනාගේ පරතරය අවුරුදු 60 කි.

මෙම අනුපාතයට වැඩ සිදුවී, ලංකාවේ කරුමයට මර්වින් සිල්වා අවුරුදු 85 ක් ජීවත් වුවහොත් ලෝක වාර්තාව හිමිවන්නේ හියූ හෙෆ්නර්ට නොව, ලංකාවේ ප්ලේබෝයි ආචාර්ය මර්වින් සිල්වාටය.