ජානකීගේ සැබෑ පේ‍්‍රමය පරදියි
03 December, 2011 | | |
පූජා ටෙලි නාට්‍ය අවසන් භාගයේදී එම ටෙලියේ චරිත මැවූ රංගන ශිල්පීන් රඟපෑමෙන් ඉවත්වීම හේතුවෙන් එහි වැඩ අවසන් කිරීමට විශාල අසීරුතාවයක් ඇතිවූ බව වාර්තා වේ.
මෙගා ටෙලියක් වූ මෙහි රංගනයේ යෙදුන ශිල්පීන්ට කලට වේලාවට ගෙවීම් නොකිරීම හේතුවෙන් ඔවුන් එහි රඟපෑම ප‍්‍රතික්ෂේප කර තිබේ.නිළියක් හා නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්න විසින් පූජා නිෂ්පාදනය කරන ලද අතර ඇය එහි ප‍්‍රධාන චරිතයද රඟ පෑවේය.සැබෑ ආදරය කිසි දිනක නොපරදින බවට තේමාව කර ගත් මෙම ටෙලිය අවසන්ව ඇත්තේ සැබෑ පේ‍්‍රමය පරාජය වෙමින් බවද පැවසේ.අදාළ ටෙලියේ අවසන් අදියරේදී රංගනයට එක්ව ඇත්තේ රංගන ශිල්පීන් පස් දෙනෙකු පමණක් බවත් මේ අතර වාර්තා වේ.මෙම ටෙලිය අවසන් වන්නේ පූජා සිය පියාට ඡායා රූපයක් පෙන්වා ඔහු සොයා යන බවට පැවසීමෙන් බවද පැවසේ.අදාළ ජායාරූපයේ සිටින්නේ මහගෙදර ටෙලි නාට්‍ය හරහා ලංකාව තුළ ජනපි‍්‍රයත්වයට පත් හිතෙන් ටජ්වානි (කරන් විරානි) බව පැවසේ.ඔහු පූජා ටෙලියේ පූජාගේ සැමියාගේ චරිතයට පණපොවනු ලබයි.ඒ අනුව පූජාගේ සැමියා දොස්තරවරයෙකි.කෙසේවුවද මෙම ටෙලියේ සැබෑ පේ‍්‍රමය ලෙෂ මුලසිටම දක්වන්නේ ඉතාලියේ ජීවත්වන තරුණයකූ වන ජීවන්ත (ධනංජය සිරිවර්ධන) සිය මවගේ සැඟවුණු රහසක් සොයා ලංකාවට පැමිණීමත් සමඟ පූජා සමඟ ඇතිකරගන්නා පේ්‍්‍රමයයි.මුදල් නොමැතිවීම නිසා පූජාගේ (ජානකී විජේරත්න) සෑබෑ පේ‍්‍රමය අවසනායේ පරණ පේ‍්‍රමයක් බවට පත්වූ බව ක්ෂේත‍්‍රයේ කතා බහට ලක්ව තිබේ.ගුවන් සේවිකාවක් වටා ලියවුණු කතා පුවතක් ඔස්සේ සිරස රූපවාහිනියෙන් දිග හැරෙන පූජාහි කරන්ට හිමි තිබුණේ ඉතා කෙටි චරිතයකි.හිතෙන්ගේ පැමිණීම හරහා පූජා ටෙලියට දර දිය ඇදි නළු නිළියන්ට විශාල අසාදාරණයක් සිදුවූ බවද පැවසේ.කෙසේවුවද පූජා ටෙලියේ කරන් රගපෑ චරිතයට ඔහු අය කළ මිළ සුළුපටු නොවන බවත්, එය රුපියල් ලක්ෂ 15ක් බවත් වාර්තා විය.එසේම ගයාන් වික‍්‍රමතිලකගේ චරිතයට හිදිසියේ පිස්සු හැදුවේද ඔහු නාට්‍යයෙන් ඉවත් කිරීමට අවශ්‍ය වූ නිසා බව පැවසේ.ඉන් නොනැවතුන ඔවුන් පුබුදු ගමගේගේ චරිතයට ද තිත තැබූ අතර, එම චරිතය හදිසියේ නවතා දමන්නේ මෙම ටෙලියේ බර පැණ සීමාකර ගැනීමට යැයි පවසමිනි.මෙම ටෙලිය මුලින්ම පෙන්වන්නට උත්සාහ කරනු ලැබුවේ ස්වාධීන රූපවාහිනියේය.ඒ සඳහා මෙහි නිෂ්පාදිකාව මාස ගණනක් ඇමතිවරයෙකු පසු පස ගිය බවත්, එක්තරා නාලිකාවද මෙය විකාශය කිරීමට අවස්ථාව ලබාදුන්නේ එහි රගපෑ නළු නිළියන් නාලිකාවේ ප‍්‍රචාරණය වෙනුවෙන් ඔවුන්ගේ රුවරැගත් දැවැන්ත ප‍්‍රචාරක පුවරු ප‍්‍රදර්ශනය කිරීමට එකගවීමෙන් පසුව බව පැවසේ.පුජා ටෙලි නිර්මායේ මුල් අධ්‍යක්ෂවරයාවූයේ ප‍්‍රදීප් රත්නායකය පසුව එය ද සංජය නිර්මාල්ට මාරු විය.පූජා හි කතාන්දරය ඇරැඹෙන්නේ ජීවන්ත (ධනංජය සිරිවර්ධන) නැමැති ඉතාලියේ ජීවත්වන තරුණයකු සිය මවගේ සැඟවුණු රහසක් සොයා ලංකාවට පැමිණීමත් සමඟය.එහිදී ඔහුට පූජාව හමු වන්නේ අහම්බෙනි. ඒ මුණ ගැනීමත් සමඟ සිදු වන්නේ කිසිවෙකුත් නොසිතූ සිදුවීමකි.මෙහි කැමරා අධ්‍යක්ෂණය සුරේෂ් ධම්මික විසින් සිදුකරන අතර, රුචිර සංජීව අංග රචනයෙන් සහය වේ.සමන් සමරවික්‍්‍රම සංස්කරණයෙන් පූජා සඳහා සම්බන්ධ වී සිටී.මේ සඳහා සෙන්ටිගේ‍්‍රඞ්ස් සංගීත කණ්ඩායම සංගීතය සපයා තිබේ.ඔවුන් සමඟ සමිතා එරන්දති මුදුන්කොටුව පූජා හි තේමා ගීතය ගායනා කරති.මෙහි සෙසු චරිත සඳහා ක්ලීටස් මෙන්ඩිස්, ශ‍්‍රියානි අමරසේන, සනෝජා බිබිලේ, මානෙල් වානගුරු, රුවන් වික්‍්‍රමසිංහ, චින්තක පීරිස්, උද්දික පේ‍්‍රමරත්න, ශෂිකා පීරිස්, මේනකා මධුවන්ති සමඟ සුලෝචනා වීරසිංහයන නළු නිළියන් දායක වෙති.