යොවුන් පාර්ලිමේන්තුවේ සැසියට කෝටියක්

04 December, 2011 | | |

 ජූලි මස 15-16 දෙදින තුල මහරගම තරුණසේවා සභාවේ පැවති යොවුන් පාර්ලිමේන්තු සැසිය සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයකර ඇති බව පැපරාසියාට වාර්තා වේ
.මෙම මුදල්වලින් ලක්‍ෂ 65ක්ම වියදම් කර ඇත්තේ තරුණසේවා සභාව තුළ පාර්ලිමේන්තු අනුරුවක් ලීවලින් නිර්මාණය කිරීම සඳහාය.මීට අමතරව මෙම දෙදින තුල 1500කට අධික පිරිසකට ආහාර ලබාදීම සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 30කට ආසන්න මුදලක් වැය කර තිබේ. මෙම මුදල් වියදම් කර ඇත්තේ 2011 වසර සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට වෙන්කළ මුදලිනි.මෙම මුදල් අමාත්‍යාංශයට වෙන්කර ඇත්තේ යෞවන සමාජවල ක‍්‍රියාකාරීත්වය ඉහළ නැංවීම හා තරුණ තරුණියන්ගේ නිපුණතා වැඩිකරලීමටය.