බ්ලූ බළකායේ ලොක්කෙක් වලත්තකමේ

04 December, 2011 | | |

තෙල්වලට සම්බන්ධ රාජ්‍ය ආයතනයක විමර්ශන කළමණාකරුවෙකුද වන බ්ලූ බළකායේ ප‍්‍රධානියෙකු එම කාර්යාලයේ තරුණියන්ට අතවර කරන බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
ලොක්කාගේ මාධ්‍ය ඒකකයේ සිට මීට මාස කිහිපයකට පෙර මෙම ආයතනයට පැමිණි මොහු, හිතමිතුරන් විසින් හඳුන්වනු ලබන්නේ පි‍්‍රන්ස්සිරි ලෙසය.මොහු විසින් මෙම ආයතනයේ සේවය කරන තරුණියන්ට අතවර කිරීම් පිළිබඳව තරුණියන් කිහිපදෙනෙකු ළමා හා කාන්තා කාර්යංශයට (853/CRC/LP/01179) පැමිණිලි කර තිබේ.මොහුගේ මෙම හැසිරීමට එරෙහිව ආයතනයේ සේවකයන් උද්ඝෝෂණයක්ද පවත්වා ඇති අතර, එහිදී බලධාරීන් මේ පිළිබඳව විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වුවද මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.