කුකුල් මස් හොරට විකිණූ සභාපතියා, මුදල් ලොක්කාට රොලැක්ස් ඔරලෝසුවක් දීලා
04 December, 2011 | | |
කුකුල් මස් හොරෙන් විකුණා, ඇස්ට‍්‍රා මාජරින් පිළිබදව කප්පම් ඉල්ලා කොළය ඉරා පටිරෝල් කර ගත් රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙක් තම තනතුර රැක ගැනීම සදහා විශේෂ මෙහෙයුමක නිරත වී සිටින බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
ජනාධිපතිවරයා ඉදිරියේ නිවටයෙකු මෙන් සිටින ඔහු තම මිතුරන් සමග පවසන්නේ ‘‘ජනා” කීයාය. මොන තරම් කේස් වැටුනත් ර්‍ණජනාට” කියලා ෂේප් එකක් දාගන්නවා යැයි ඔහු මිතුරන්ට පම්පෝරි ගසයි.පී.බී. මගේ යාළුවා, පී.බී.ට ඕන දෙයක් කරන්න පුළුවන් යැයිද මොහු පවසයි.මොහු පසුගියදා රුපියල් ලක්ෂ 12ක් වටිනා රොලෙක්ස් ඔරලෝසුවක් රාජ්‍ය මූල්‍ය ආයතනයක ප‍්‍රධානියෙකුට තෑගි දෙමින් තමන්ගේ තනතුර ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.තවද තම ආයතනයට ආනයනය කර තිබු බිත්තර ද මොහු සගවා ගෙන තිබු අතර එහි සේවකයින් කල පැමිණිල්ලකින් මේ බව සොයා ගත් බැවින් කඩිනමින් අලෙවි කර ඇත.සියළුම බේකරීවලට බිත්තර සැපයීම සිදු කරන්නේ මොහුගේ ඥාති සහෝදරයෙකි.කෙසේ වුවද රුපියල් ලක්ෂ 12ක රොලෙක්ස් ඔර්ලෝසුවක් මිල දී ගෙන තිළිණ කිරීමට මොහුට මුදල් ලැබූනේ කොහෙන්ද යන්න ගැටළුවකි.