‘දොස්තර හොඳ හිත’ ලොක්කගේ ලක්‍ෂ 250 ක් අරන් මාට්ටු

04 December, 2011 | | |

දේශපාලන ක්‍ෂෙත‍්‍රය තුළ ‘දොස්තර හොඳ හිත’ නමින් හැඳින්වෙන ලොක්කාගේ වෛද්‍යවරයා, ව්‍යාපාරිකයෙකු විසින් ලොක්කාගේ ඡන්ද ව්‍යාපාරයට ලබා දී තිබූ රුපියල් ලක්‍ෂ 250 ක මුදලක් වංචා කර ලොක්කාටම මාට්ටු වී ඇති බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
ලොක්කා පසුගියදා ඡන්ද ව්‍යාපාරයට යන අතරතුරදී පොළොන්නරුවේ අරලියගස් ඇති හෝටලයකට ගොස් ඇති අතර, ‘‘තමුසේ මගේ ඡන්දෙට උදව් කළේ නෑ’’ යැයි ඔහු හෝටලයේ අයිතිකරුවාට ප‍්‍රකාශ කර තිබේ.මෙම හෝටලයේ හිමිකරු රටේ දේශපාලන පක්‍ෂයක ප‍්‍රධානියෙකුගේ සොයුරෙකි.ලොක්කාගේ ප‍්‍රකාශයෙන් කලබලයට පත් වුණු හෝටල් හිමියා ඒ අවස්ථාවේදී ප‍්‍රකාශ කොට ඇත්තේ, ‘‘ඇයි සර්. මම සර්ට දෙන්න කියලා රුපියල් ලක්‍ෂ 250 ක් දොස්ටර් හොඳ හිතට දුන්නා’’ කියාය. ලොක්කා ඒ මොහොතේදීම දොස්තර හොඳ හිතට කතාකොට බැන වැදී තිබේ.ලොක්කාගේ බැන වැදීමෙන් සිත් තැවුලට පත් දොස්තර හොඳ හිත ඊයේ රාති‍්‍රයේ කොළඹ ඔටර්ස් ක්ලබ් එකට තම හිතවතුන් කිහිපදෙනෙකු ගෙන්වා හොඳ හැටි මධුවිත පානය කොට තමන්ට අත්වී ඇති ඉරණම පිළිබඳව හඬා වැටී තිබේ. ඔහුගේ දුක බෙදා හදා ගැනීම සඳහා ගාල්ලේ වාචාල මන්තී‍්‍රවරයෙකුද, රජයේ ඉහළ කාර්යාලයක කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙකුද සහභාගි වී ඇත.