සරසවි චිත‍්‍රාගාරයේ චිත‍්‍රපට අතුරුදහන්
05 December, 2011 | | |කැළණිය දළුගම සරසවි චිත‍්‍රාගාර සංරක්‍ෂනාගාරයේ තිබූ පැරනි චිත‍්‍රපට විශාල ගණනක් අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.
මහගමසේකරගේ තුන්මන් හන්දියද අතුරුදහන් වූ චිත‍්‍රපට අතර වේ. තුන්මන් හන්දිය චිත‍්‍රපටය හොදම සිංහල චිත‍්‍රපට 10න් එකක් ලෙසද පිලිගෙන තිබේ.
චිත‍්‍රපටවල සෙලලෝයිට් පට සොරකම් කර රූපවාහිනී නාලිකාවලට විකණීමේ ජාවාරමක්ද පවතින බවට තොරතුරු හෙළිවී ඇත. මෑතකදී සරසවි චිත‍්‍රාගාරයට කොන්ත‍්‍රාත් පදනමින් බඳවා ගෙන ඇති නිලි රැුජිනකගේ දේශපාලන හිතවතුන් බව කියන පුද්ගලයෙක් මෙම ජාවාරමට මුල් වී සිටී.
ඔහු බඳවා ගෙන ඇත්තේ සෙලලොයිට් පට එතීමටය. එහෙත් මේ වනවිට ඔහු නිති විරෝධීව සංරක්‍ෂණාගාරයේ යතුරද තමන් සන්තකයේ තබාගෙන සිටී. කොන්ත‍්‍රාත් පදනමින් බඳවා ගත් සේවකයෙකු ලඟ ආයතනයේ යතුරු තබාගැනීම නීති වරෝධී වුවද නිලි රැජිනගේ දේශපාලන බලය හේතුවෙන් කිසිදු බලධාරියෙකු මේ සම්බන්ධයෙන් නිසි පියවරක් ගෙන නොමැත.
