අලියෙක් කුලප්පු වී මර්වින් පසුපස එළවයි
03 December, 2011 | | |
කතරගම පෙරහැරට රැගෙන විත් තිබූ අලියෙක් කතරගම දේවාල භූමිය තුළ දී කුලප්පු වී අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසක් පසුපස එළව එළවා පන්නා ගොස් ඇති බවත්, ඇමැති ආරක්‍ෂකයින් විසින් අමාත්‍යවරයා බේරා ගනු ලැබූ බවත් පැපරාසියා වෙත වාර්තා වේ.
අප වෙත වාර්තාවන අන්දමට මෙම අවස්ථාවේ දී කිරි වෙහෙර පූජා භූමිය තුළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ආගමික වතාවත්වල නියැලෙමින් සිට ඇත.
අලින් ගාල් කරනු ලැබූ ස්ථානයේ තිබූ ජෙනරේටරයක් අලියෙකුගේ කකුලේ වැදීමෙන් දේවාල භූමියේ ආලෝකය විසන්ධි වී ඇති අතර, ජෙනරේටරයෙන් ඇති වූ අධික ශබ්දය නිසා කුලප්පු වූ අලියා දේවාල භූමියට පැමිණ අවට සිටි පිරිස් පසු පස පන්නා ගොස් තිබේ.
ඇමැතිවරයා ඔහුගේ අලූත්ම මිතුරා වන පබා මන්තී‍්‍රවරියගේ සැමියා සමග එම අවස්ථාවේ දේවාල භූමියේ ඡායාරූප ගනිමින් විහිළුතහලූ කරමින් සිට ඇති අතර, කුලප්පු වූ අලියා ඇමැතිවරයා දෙසට එනවා දුටු ආරක්‍ෂක නිලධාරීන් ඔවුන් දෙදෙනාව වහාම එම ස්ථානයෙන් ඇදගෙන ගොස් තිබේ.
කුලප්පු වූ අලියා දේවාල භූමියට එන අවස්ථාව වන විට කතරගම බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ පළාත් සභා මහ ඇමැතිවරයා කතරගම දෙවියන්ගේ ප‍්‍රතිමාව වැඩම කරමින් සිට ඇති අතර, කුලප්පු වූ අලියා එනු දුටු ඔවුන් පිරිස ද පළා ගොස් ඇත. එහෙත් ප‍්‍රතිමාව වඩම්මන උඩුවියනෙහි රෙදි කඩ දේවාල භූමියේ වැටී තිබූ අතර, කුලප්පු වූ අලියා එම රෙදි කඩ කීතු කීතුවලට ඉරා දමා තිබේ.
මෙම සිද්ධිය සමස්ථ ලංකාවටත්, රජයේ ප‍්‍රධානීන්ටත් ඉදිරියේ දී එල්ල විය හැකි භයානක ප‍්‍රතිඵලයක සංඥාවක් විය හැකි බව කතරගම දේවාලයේ ප‍්‍රධානියෙකු එම අවස්ථාවේ දී අවට සිටි පිරිස් වෙත දැඩි කණස්සල්ලෙන් යුතුව ප‍්‍රකාශ කර ඇත.
කෙසේ වුවද, මෙම සිද්ධියෙන් කෝපයට පත්ව සිටි ජනාධිපතිවරයා කිසිවකු සමග කතා නොකොට දේවාල භූමියෙන් ඉවත්ව ගොස් තිබේ.