දුමින්දගේ අක්කත් චන්ඩියෙක් වෙලා !

03 December, 2011 | | |

ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාගේ සොයුරියක වන දිල්නි ඈන් සිල්වා රාතී‍්‍ර සමාජ ශාලාවක බීමතින් යුතුව, දුමින්දගේ ආරක්‍ෂක නිලධාරීන් සමග එක්වී තරුණියකට පහරදීමේ සිද්ධියක් ‘පැපරාසියාට’ වාර්තාවේ.
මෙම සිද්ධිය සිදු වී ඇත්තේ, සී.එච්. ක්ලබ් ආසන්නයේ පිහිටි ‘සිල්ක්’ (පෙර නම ටැබු) රාතී‍්‍ර සමාජ ශාලාව තුළ පෙරේදා (09) රාති‍්‍රයේදීය.

දුමින්ද සිල්වාගේ ආරක්‍ෂක නිලධාරීන් කිහිපදෙනෙකු සමග එම සමාජ ශාලාවට ගොස් ඇති ඈන්, එහිදී පමණ ඉක්මවා මත්පැන් පානය කර තිබේ.

ඇය එක් අවස්ථාවක ‘වොෂ් රූම්’ එකට යන අවස්ථාවේ දී තවත් බීමත් තරුණියක් ඇගේ ඇෙඟ් හැප්පී තිබේ. එයින් කෝපයට පත් ඈන්, එම තරුණිය බිම දමාගෙන පහර දී ඇති අතර, එම තරුණියද පෙරලා පහර දෙනු දුටු දුමින්දගේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකු වහා එතැනට කඩා පැන එම තරුණියට නහයෙන්, කටින් ලේ එන තෙක් අමානුෂික ලෙස පහර දී ඇත.

ඊට සුළු මොහොතකට පසු ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර ආරක්‍ෂක අංශ නිලධාරීන් රැගත් ජීප් රථ පෙළක් සමග එම ස්ථානයට පැමිණ ඇති අතර, පහර කෑමට ලක් වූ තරුණිය සමග පැමිණ සිටි තරුණයින් දෙදෙනෙකුට ඔහු සහ ආරක්‍ෂක නිලධාරීන් බිම දමාගෙන පහර දී ඇත.

තුවාල ලැබූ තරුණියගේත්, තරුණයන් දෙදෙනාගේත් ලේ සලකුණු වහාම ඉවත් කරන ලෙස සමාජ ශාලාවේ සේවකයින්ට අණ දී ඇති දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා, එම අවස්ථාවේ ස්වයංකී‍්‍රයව කි‍්‍රයාත්මක වෙමින් තිබූ වීඩියෝ කැමරාවලට අදාළ කැසට් පට සියල්ල ද බලහත්කාරයෙන් ලබාගෙන ඇත.

පහර කෑමට ලක් වූ තරුණිය මේ වන විට කොල්ලූපිටිය ඩර්න්ස් පෞද්ගලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
මෙම සිද්ධිය කිසිවෙකුට නොකියන ලෙස දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා එතැන සිටි තරුණ තරුණියන්ට සහ සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලයට තරවටු කර තිබේ.

රාතී‍්‍ර සමාජ ශාලාවලට ඇබ්බැහි වූවකු වන දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා, ඊයේ (10) රාතී‍්‍රයේ සුරූපී විදේශ තරුණියක් සමග ආර්.එම්.බී. සමාජ ශාලාවට පැමිණ ඇති අතර, අනතුරුව අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඇයව සුපිරි හෝටලයකට රැුගෙන ගොස් තිබේ.

දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාගේ මෙම රති කී‍්‍රඩාව සඳහා ද පූර්ණ ආරක්‍ෂාව සහ රැකවරණට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් සන්නද්ධ භට පිරිස් සහිත ජීප් රථ කිහිපයක් ලබා දී තිබේ.