රත්තරංගේ අයියත් හොර ජාවාරම්වල

04 December, 2011 | | |

රත්තරං නමින් හැඳින් වෙන ඇමතිවරයෙකුගේ සොයුරාද ඇමතිවරයා ලෙසම බරපතළ වංචාකරුවෙකු බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
තම සොයුරාගේ දේශපාලන බලය යොදා ගනිමින්, රැකී රක්‍ෂා ලබාදෙන බවට බලාපොරොත්තු දෙමින් මොහු තරුණ තරුණියන් විශාල පිරිසකගෙන් දහස් ගණනින් මුදල් ලබා ගෙන පොලූ තබා ඇති අතරම, මහා පරිමාණ ජාවාරම්වලද යෙදෙමින් කෝටි ගණනින් මුදල් උපයා තිබේ.ලලන්ත නමින් මිතුරන් විසින් හඳුන්වන මොහුට නිශ්චිත කාර්යාලයක් නොමැති අතර, කොළඹ පිහිටි තරුපහේ හෝටල්වල ‘ලොබි’ මොහුගේ ගනුදෙනු සාකචඡා කරන ස්ථානයන් කරගෙන ඇත.මීට අමතරව, මොහු කළුතර ප‍්‍රදේශයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග එක් වී අලූත් ජාවාරමක් ද ආරම්භ කර ඇත. ඒ අනුව, චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් නිදහස් කරදීමට ඉදිරිපත් වන මොහු, ඒ සඳහා විශාල මුදලක් අයකර ගනිමින් ඉන් සුළු කොටසක් පොලිස් නිලධාරීන් අතර බෙදා දීම සිදු කරගෙන යයි.එම ව්‍යාපෘතිය යටතේම ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුම බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීමට පොලිසිය පොළඹවා ඇති මොහු, ඔවුන් නිදහස් කිරීමටද ඉදිරිපත්ව ලක්‍ෂ 10 - 15 බැගින් මුදල් උපයාගෙන තිබේ.තවද, මොහුගේ පෞද්ගලික දුරකථනයේ අංකය 07xx - 458 458 වුවද, මොහු මෙම ජාවාරම් සඳහා අංකය සටහන් නොවන (CLIR) සේවය යොදා ගෙන තිබේ. වර්තමානයේ මෙවැනි වරප‍්‍රසායක් හිමිව ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලැබූ විශේෂිත පුද්ගලයන් පමණි.මොහුගේ දූෂිත ගනුදෙනු පිළිබඳව තවත් තොරතුරු ඉදිරියේ බලාපොරොත්තුවන්න.