කරටිය කැඩුනු සුජීව මාලකගේ කරපිටින් ගෙදර යයි !
05 December, 2011 | | |එක්සත් ජාතික පක්‍ෂයේ කැරලි කණ්ඩායමේ දීප්තිමත් ප‍්‍රකාශකයා වන කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතීඥ සුජීව සේනසිංහ පසුගියදා රාතී‍්‍ර සමාජ ශාලාවකදී කරටිය කැඩෙන්නට මත්පැන් පානය කොට බිම වැටී සිටියදී ඔහුගේ අතිජාත හතුරා වන අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාගේ කරපිටින් ගෙදර ගිය පුවතක් ‘පැපරාසියාට’ වාර්තාවේ.
පක්‍ෂයේ ප‍්‍රශ්න හා අර්බුද සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා මේ දිනවල උදෑසන සිට මත්පැන් පානය කරන සුජීව සේනසිංහ මන්තී‍්‍රවරයා, රාති‍්‍රය වන විට විවිධ සමාජ ශාලාවල වැසිකිලිවල පිළිකණුවල වැටී සිටීම මේ දිනවල සුලබ දසුනක් වන අතර, දිනකට එක බැගින් තම ජංගම දුරකතන නැති කර ගනී. නමුත් ඔහු පවසා සිටින්නේ, ආරක්‍ෂාව සම්බන්ධයෙන් එකම දුරකතනය පාවිච්චි නොකොට ඒවා වෙනස් කරන බවයි.
අධික ලෙස බීමතින් සිහිසුන්ව සිටි මන්තී‍්‍රවරයා ගෙන යන අතරතුර මාලක සිල්වා ඔහුගේ මිතුරන්ට පවසා ඇත්තේ, ‘‘මුගේ කලිසම ගැලෙව්වත් මූ දැන් දන්නේ නැහැ. ඊළඟ දවසේ කරන්න තියෙන්නේ මුගෙ සේරම ඇඳුම් ගලෝලා ෆොටෝ අරගෙන රනිල්ට යවන එකයි’’ යනුවෙනි.
තම සොයුරාට මාලක සිල්වා විසින් හිසට පහරදී තුවාල සිදු කළ බවට සුජීව සේනසිංහ මන්තී‍්‍රවරයා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව තම සොයුරාට හොරෙන් මාලකගේ විස්කිවලට සහ වෙනත් දේවල්වලට යට වී සමථයට පත් කර ගත් බව අද වනවිට ප‍්‍රසිද්ධ රහසකි.