මේනකාගේ රංගනයට ධනසිරි අමරතුංග වශී වෙයි
05 December, 2011 | | |පසුගියදා නිමාවට පත් වූ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ අවසන් වටයේදී මේනකා පීරිස් රඟ දැක් වූ නර්ථනය පිළිබඳව එම වැඩසටහනේ නිවේදකයා අමාත්‍ය මර්වින් සිල්වාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇමතිවරයා උපහාසය දැනවෙන ආකාරයට පවසා සිටියේ,
‘‘මේනකාගේ නර්ථනයන් පිළිබඳව මට අපේ ධනසිරි හැම වෙලාවෙම කියවනවා’’ යනුවෙනි.
දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මේනකා පීරිස්ගේ තදබල රසිකයෙකු වී ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වන අතර, අවසාන තරඟයේදී ඇයව දිනවීම සඳහා ධනසිරි ඇයට සිම් කාඞ්පත් 5,000 ක් ලබාදී ඇති බවත්, ඊට ප‍්‍රතිඋපකාරයක් ලෙස ළඟදී පැවැත්වීමට නියමිත දෙහිවල - ගල්කිස්ස සහ කොළඹ මහනගර සභා මැතිවරණයන්හිදී එක්සත් සන්ධානයේ මැතිවරණ වේදිකාවට පැමිණ ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායමට සහයෝගය පළ කරන ලෙස හිටපු නගරාධිපතිවරයා මේනකා පීරිස්ගෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.
සෙස්ස පස්සට......
