බන්දුල විදේශ කතක් සමග හොටෙල් ගානේ යයි

04 December, 2011 | | |

ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රධානියෙකු ලොක්කාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් සුරූපී විදේශීය මාධ්‍යවේදිනියක් හොටෙල් ගානේ රැගෙන යමින් සිටින බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
ගල්කිස්ස හෝටලයේ ඊයේ රාති‍්‍රයේ පැවැති කර්තෘ සංසඳයේ තිළිණ ප‍්‍රධානෝත්සවයකට මොහු මෙම විදේශීය තරුණිය රැගෙන පැමිණ ඇති අතර, ඔවුන් දෙදෙනාම හොඳහැටි පදම් වී එතැනින් පිටව ගොස් ඇත්තේ අනෙක් සියලූ දෙනාට පෙනෙන ලෙස දෑත් පටලවා ගනිමිනි.මෙම මාධ්‍යවේදිනිය ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයා ඇතුළු ප‍්‍රධානීන් සමග සම්මුඛ සාකච්ඡුා කොට විශේෂ වාර්තා කිහිපයක් සකස් කිරීම සඳහාය.