රටින් අලි ගෙන්වීමට යයි. පැටියෙකුට ලංසුව ලක්‍ෂ 45යි

04 December, 2011 | | |

පෙරහැරවලට අලිඇතුන් හිඟ බව පවසමින් ආණ්ඩුව බුරුමයෙන් අලිඇතුන් මිලදී ගැනීමට සූදානම් වනබව පැපරාසියාට වාර්තා වේ.
මෙලෙස අලි ඇතුනු විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදුවී ඇත්තේ පින්නවලින් සහ වෙනත් ස්ථානවලින් අලිඇතුන් ලබාගැනීමට පරිසරවේදීන් පසුගිය කාලයේ දැක්වූ විරෝධතාවය නිසා බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටී.එහෙත් පරිසරවේදීන් පවසන්නේ පෙරහැරවලට අලිඇතුන් ලබාගැනීම පිළිබදව තම සංවිධාන කිසිදු විරෝධතාවයක් දක්වා නොමැති බවයි. තමන් විරුද්ධවන්නේ අලිඇතුන් පෞද්ගලික අයිතීන්වලට පැවරීමට බව පවසන පරිසරවේදීන් මෙලෙස ආණ්ඩුව අලිඇතුන් මිලදී ගැනීම තුලින් බලාපොරොත්තු වන්නේ මෙරට ජනතාව තුළ පරිසර සංවිධාන අප‍්‍රසාදයට ලක්කිරීම බවද ඔවුහු පෙන්වා දෙති.මෙලෙස අලිඇතුන් මිලදී ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ලැබූවත් ලෝකයේ කිසිදු රටක් සතුන් මිලදී ගැනීම් සිදු නොකරන අතර යම් රටක සත්ව කොට්ඨාශයක් අවශ්‍යනම් එය ලබාගන්නේ සතුන් හුවමාරු කිරීමේ ක‍්‍රමය යටතේය.දැනට ආණ්ඩුව මිලදී ගැනීමට යන එක් අලිපැටවෙකුගේ මිල රුපියල් ලක්‍ෂ 45කට ආසන්න බව පැවසෙන අතර මෙලෙස අධික මුදලක් වියදම් කර ඇතුන් ලබාගැනීමට ක‍්‍රියාකරන්නේ ලංකාවේ වනාන්තර තුළ ඇතුන් 4000කට අධික සංඛ්‍යාවක් ජීවත්වන තත්ත්වයක් තුළ බවද පරිසරවේදීහු පෙන්වා දෙති.