2012 රයිගම් ටෙලි උළෙලේ ජනප්‍රිය නිළි කෙළිය....

20 May, 2013 | | |

ආශා හා රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ විධායක නිෂ්පාදකයා අතර ඇති හාදකම මොකද්ද.?

රවිගේ ටෙලි උළෙලේ ජනප්‍රිය නිළි කෙළිය... 
ජනප්‍රියම නළුවා සාරංග - නිළිය ආශා...

9 වැනි රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව සහ අති සාර්ථකව වෝටර්ස් එජ් හීදී පැවැත්වින. මෙවර උළෙල සදහා කලා ලොව 1000 කට අධික ශිල්පීන් ශිල්පිනියන් ප‍්‍රවීණයින් සහ විද්වතුන් ද සහභාගී විය.

රයිගම් ටෙලීස් 2012 උළෙලේදී විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත‍්‍ර වුයේ ධවල කඩුල්ල ටෙලි නාට්‍යයයි. කාංචනා මෙන්ඩිස් වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය හිමි කර ගනිද්දි විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් ය.
මෙවර උළෙලේ දී වැඩිම මහජන ප‍්‍රසාදයක් ලබමින් ජනප‍්‍රිය නළුවා බවට පත් වූයේ සාරංග දිසාසේකරය. ජනප‍්‍රිය නිළිය ලෙස මෙවර සම්මාන හිමි කරගත්තේ අශා එදිරිසිංහයි. රූපවාහිනි මාධ්‍ය වෙනුවෙන් අද්ව්තීය මෙහෙවරක් ඉටු කළ ජේෂ්ඨයින් දෙදෙනෙකු වෙනුවෙන් මෙවර උළෙලේදී ද විශේෂ ප‍්‍රණාම සම්මාන 02 ක් පිරිනැමීය. එම සම්මාන 02 ක ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාට සහ ආචාර්ය ලලිතා සිරිබද්දන මහත්මිය වෙත පුද කෙරිණ.

කලාකරුවෙකුට ජිවිතයේ එක් වරක් පමණක් රයිගම් ටෙලීස් වෙතින් පිදෙන ප‍්‍රතිභා ප‍්‍රභා ගෞරව සම්මානය මෙවර පිරිනැමුවේ අචාර්ය ධර්මසිරි පතිරාජ ශුරීන්ටය. මෙවර උළලේ ප‍්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය,යහපාලනය පිළිබද ජේෂ්ඨ අමාත්‍ය ගරු රත්නසිරි වික‍්‍රමනායක මහතා සහභාගි විය.


කෙසේ වෙතත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානය ආශා එදිරිසිංහට ලබාදීම නිසා කේෂත්‍රෙය් දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ස්වාධීන රූපවාහිනීයේ පමණක් විකාශය වන ටෙලියක භූමිකාවක් රැගූ ආශාට මෙම සම්මනය හිමිවීමය. කෙසේවුවද රයිගම් ටෙලීස් නම වසරක ටෙලි සම්මාන ඉතිහාසයේ ඔවුන් තේරූ ජනප්‍රියම නිළිය සම්මානය සම්බන්ධයෙන් වැඩි වාර ගණනක් චෝදනා එල්ලවී තිබෙනවා.

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන ක‍්‍රිහෂ්නි නෙහාරා කනිෂ්‍යා පීරිස් වසර 2008 සිට 2011 දක්වා කාලයේදී එහි ජනප්‍රියම නිළිය බවට පත්වූවාය.

ඇයට මෙම සම්මානය ලබාදෙනු ලැබුවේ අදාල සම්මාන උළෙල පවත්වන ද කිංඩම් ඔෆ් රයිගම්හි තානාපතිවරියක් ලෙස ඇය සිවුවසරකට ගිවිසුම් අත්සන් කර තිබූ නිසා බවද පැවසේ.

ආශාට මෙම සම්මානය දීමට තවත් හේතුවක් ලෙස අදාල සම්මාන උළෙලේ විධායක නිෂ්පාදකයා හා ඇති හාදකමක්ද හේතුවී ඇති බවද වාර්තා වේ.

රයිගම් ටෙලිස් සම්මාන උළෙල ද කිංඩම් ඔෆ් රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන්නකි.