අපිට ඇනයක් වුණු MR ඇමරිකාවටත් ඇනයක් වෙයිද?
10 April, 2013 | | |
අපි MR කියන්නේ මහින්ද රාජපක්‍ෂටය. ඇමරිකාවේ MR මිට් රොමනිය. දෙන්නාටම ඇත්තේ උකුණු මොළයන්ය. ඡන්දය පටන් ගත් දවසේ ඇමරිකාවේ MR කිව්වේ ඔබාමා ලෝකය සුවපත් කරද්දී සාගරය මෙල්ල කරද්දී තමා කරන්නේ ඇමරිකන්
ජාතිකයින්ගේ කුස්සියේ ප‍්‍රශ්න විසඳන බවය. බූරු ඇමරිකන්කාරයන් විසිල් ගසමින් හුරේ දැමූහ. එසේ විසිල් ගැසූ මොළයක් නැති ලොකු බඩක් ඇති ඇමරිකන්කාරයන් පහුගිය සඳුදා සැන්ඩි කුණාටුව එද්දී වලිගය පස්සේ ගසා ගනිමින් දුව ගියෝය.
ඇමරිකාවේ MR බලා ගැනීමට සිටි ඇමරිකන්කාරයන්ගේ කුස්සි මෙන්ම කක්කුස්සිද සැන්ඩි විසින් කුඩු පට්ටම් කර දැමුවේය. ඇමරිකාවේ MR තවමත් ලැජ්ජා නැතුව කලිසමක් ඇද සිටී. ඇමරිකාවේ MRගේ කලින් ලොක්කා වන ජෝර්ජ් බුෂ් කිව්වේ ගෝලීය උණුසුමෙන් නැත්නම් ‘ග්ලෝබල් වෝමින්’ බේරීම සඳහා වැඩි වැඩියෙන් ‘එයාර් කන්ඩිෂන්’ හෙවත් වායු සමීකරණ යන්ත‍්‍ර නිපදවිය යුතු බවය. රිපබ්ලිකන්කාරයන්ගේ මොළේ තරම එයින්ම වැටහෙනු ඇත.
අපේ MR අපේ රටට කර තියෙන හදිය අපි දැන් දනිමු. එම හදිය තවමත් ඉවර නැත. MR අකුරු දෙක අපේ රටට කර තිබෙන වින්නැහිය බලා ඇමරිකන්කාරයන් පාඩමක් ඉගෙන ගත යුතුය. නැත්නම් ඇමරිකන්කාරයන්ටත් වෙන්නේ අපිට වගේ උදේ සිට රෑ වෙන තුරු මිට් රොමනිගෙ (ඇමරිකන් MR) අම්මා සිහි කිරීමටය.