ලන්ඩන් බණ්ඩා රාජපක්‍ෂ සමග හෙළුවෙන්

10 April, 2013 | | |

ශී‍්‍ර ලංකා ගුවන් විදුලි කලාවේ මාධ්‍ය ඔස්තාර් කෙනෙක් විදියට නම් දරා සිටින ‘ලන්ඩන් බණ්ඩා’ නොහොත් බී.බී.සී. සංදේශයේ අතිවාම මතධාරී දෙමළ අරගලය වෙනුවෙන් නොබියව පෙනී සිටිමින් රාජපක්‍ෂට පැය විසිහතරේම බැට දෙන (රෑ නින්දෙන් පවා) චන්දන කීර්ති බණ්ඩාර තම කලිසම ගලවා දමා අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්‍ෂට දණ නමස්කාර කොට කටුකන මාධ්‍යවේදීන් සඳහා පිරිනැමූ වාහන ණය මුදල දෝතින්ම ගත් බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
‘පැපරාසි’ කණ්ඩායමේ බොහොමයක් දෙනා චන්දන කීර්ති බණ්ඩාර නොහොත් ‘ලන්ඩන් බණ්ඩාගේ’ ශ‍්‍රාවකයන්ය. ඔහුගේ හඬ ලයාන්විතය. ඔහුගේ දේශපාලන දැක්ම අභීතය. ඔහු සමග අපේ බොහෝ කට්ටිය ලන්ඩන් නගරයේ ‘පබ්’වල වරු ගණන් දේශපාලනය කතා කර ඇත්තෙමු. අපි හැම එකාම හිතුවේ ‘ලන්ඩන් බණ්ඩා’ කරන්නේ ඔහු කියන දේම කියාය.

‘බණ්ඩයියා’ නිතරම සංදේශයේ වැඩ කරන ඬේවිඞ් සර්ට සහ විමලෙ අයියාට දෙහි කපයි. එසේ දෙහි කපන්නේ ඬේවිඞ් සර් සහ විමලෙ අයියා රාජපක්‍ෂට ‘පුක’ දෙනවා කියාය. අපිත් එය අනුමත කරන්නෙමු. එහෙම කියපු බණ්ඩයියා එක පාරටම ලක්‍ෂ 12 කට රාජපක්‍ෂට ‘පුක’ දෙන්න ගියේ ඇයි?

සමහර විට බණ්ඩයියාගේ ඇඹනිය වන යමුනක්කා මෙසේ කියන්නට ඇත. ‘‘පැටියෝ.....ඬේවිඞ් සර්ටයි, විමලෙ අයියටයි විතරක් නෙමෙයි ඔයාටත් ඊට වඩා හොඳට ‘පුක’ දෙන්න පුළුවන් කියලා හැමෝටම ඔප්පු කරලා පෙන්නන්න’’ යමුනක්කාගේ විධානය පරිදි බණ්ඩයියා ඊළඟ ෆ්ලයිට් එකේ ලංකාවට ගොස් කිසිම ලැජ්ජාවකින් තොරව කලිසම ගලවා දමා රාජපක්‍ෂට වැද නමස්කාර කොට රුපියල් ලක්‍ෂ 12 ගත්තේය.

එසේ රුපියල් ලක්‍ෂ 12 ගැනීම ගැන ඊළඟ වතාවේ ‘පබ්’ එකේදී බණ්ඩයියා හේතුපාඨ කියනු ඇත. නමුත් අපි බණ්ඩයියාගෙන් අහන්නේ ‘දැන් ඔය වාහන ණය ගත්තට වාහන එළවන්න ලයිසන් එකක් තියෙනවාදැයි’ කියාය. බණ්ඩයියේ පුළුවන්නම් ඔප්පු කර පෙන්නන්න. එහෙම නැත්නම් මෙහේ නෑවිදින් ‘හඞ්ඩා’ පැන්ෂන් ගිය පසු ‘සිරිලංකා’ ගුවන් විදුලියේ සභාපතිකම භාර ගන්න. කරුණාකර මීට පසු ‘පොර ටෝක්’ දීමෙන් වළකින්න.