අනර්කලී දැන් රත්වත්තේ කෙනෙක්

10 April, 2013 | | |

අනර්කලීගේ අලුත්ම පෙම්වතා බවට පත්ව ඇත්තේ අනුරුද්ධ රත්වත්තේගේ කනිටු පුත් චානුක රත්වන්තේය.
වානුකට මේ ඉඳුල්මල සෙට්කර ඇත්තේ රාජකීය උත්තමයන්ගේ පිංපියා බවට පත්ව සිටින ඔහුගේ සහෝදරයා වන ලොහාන් බවද කියවේ.
අනර්ගේ මෑණියන්ද, චානුක බෑනාට හුගක් මනාපබවත්, ඇය ඉන්නේද චානුකගේ අතේ එල්ලුන ගමන් බවද තතු දත්තෝ ‘පැපාට’ පැවසීය.

කෙසේවුවද අනර්ට කොයිතරම් පෙම්වතුන් හිටියත් ඇයට අකරතැබ්බයක් වූ විගස මතක්කරන්නේ මලක නමක් බවද කියවේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා හා දිලුම් අමුණුගම එක්කද අනර් පැටලී සිටියාය.

කෙසේවවුද දිලුම් අනර්ට පොල්ල තමා අරුණි රාජපක්ෂ බැඳගෙන බහු විවාහයක් කර ගැනීමෙන් පසුව අනර්ගේ මවගෙන් බේරීමක් නැතුවූයේ 'සචිනි' අයේන්ද‍්‍රාට බවද කියති.

මන්ද යත් අනර්ගේ මව දිනකට පැයක් දෙකක් ටෙලිෆෝනයෙන් සචිනි සමග දිලුම්ට දෙහි කපන නිසාය.

කොහොම වුණත් චානුකගේ නැන්දා කෙනෙකු මේ පැටලිල්ල ගැන දරනගෙන ඔහුට කියා ඇත්තේ 'තියෙනවනම් දහදාහක් පොතේ, අනර්කලී අල්ලන එක සිම්පල් පුතේ' කියල බවද පැවසේ.