අතුරලියේ රතන නොහොත් සිවුර අස්සේ මහත්තයා
10 April, 2013 | | |
80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල ලෙයින් යකඩින් මර්ධනය කෙරුනු ශී‍්‍ර ලාංකික ශිෂ්‍ය සටන් ව්‍යාපාරයේ අභිමානවත් චරිතයක් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි වර්තමානයේ මුහුණ දී ඇති ඛේදනීය තත්ත්වය පිළිබඳව ‘පැපරාසියා’ මේ සටහන තබන්නේ ඉහත් වූ සංවේගයකිනි.
සමාජවාදී ශිෂ්‍ය සටනින් පටන් ගෙන ජාතික චින්තනයටත්, ඉන් නොනැවතී ජාතික හෙළ උරුමය නමැති ජාතිවාදී මඩ ගොහොරුවට වැඩම කළ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඊට සමාන්තරව බුදුන් වහන්සේ සංඝයා වහන්සේලාට නියම කළ ‘මධ්‍යම ප‍්‍රතිපදාව’ බැහැර කරමින්, ඒ වෙනුවට ‘කාමසුකල්ලිකානු යෝගයේ’ ගිලෙමින් නැහැවෙමින් කෙලින පිස්සු විකාර සංඝයා වහන්සේකෙනෙකුට තබා ගිහියෙකුටද නොගැලපේ.
බොරැල්ල ගෝතමී පාරේ මේ වන විට ඉදිවී ඇති අතුරලියේ රතනගේ අති සුඛෝපභෝගී අසපුව ඔහුගේ ජීවන චර්යාව සංකේතවත් කරන්නකි. (මෙහිදී පැපරාසියා අතුරලියේ රතනට ගෞරව සම්ප‍්‍රයුක්ත ආමන්ත‍්‍රණය හිතාමතාම බැහැර කරන්නේ ඔහුගේ ජීවන චර්යා රටාව නිසාය.)
සිද්ධාර්ථ කුමාරයා කම්සැපෙහි ඇලී ගැලී වෙසෙමින් රම්‍ය, සුරම්‍ය, සුභ මාළිගාවන්ගෙන් නික්මී සත්‍ය සොයා තපසට වන්කල්හි අතුරලියේ රතන යන්නේ ‘රිවස් එකටය’. ඔහු චීවරය ඇගලාගෙන රම්‍ය, සුරම්‍ය, සුභ මාළිගා තනයි. විවිධ බිස්නස් වැඩවලට අත ගසයි. ගම්පහ පළාතේ ස්ති‍්‍රයක් සමග එළිපිටම සම්බන්ධකම් පවත්වයි. ඒ බව දැන ගන්නා ගම්වාසීහු එම නිවසට ගල් ගසති. ඔහු එහි පැමිණෙන කැබ් රථයට ගල් ගසා විනාශ කරයි. වැඬේ නෝන්ඩි වුණත් අතුරලියේ රතනගේ ‘උට්ඨානවීර්යයත් - නොපසුබස්නා උත්සාහයත්’ ඔහුව තව තවත් එම අංශයේ වැඩ කෙරෙහි උනන්දු කරවයි.
එයින් නොනැවතුන අතුරලියේ රතන චීවරධාරියානෝ කිරුළපන පැත්තේ බඩුවකට සෙට් වෙයි. දැන් ඔහුව, ඔහුගේ මචංලා හඳුන්වන්නේ ‘අතුරලියේ රතන නොව, කිරුළපනේ රතන’ යන නමිනි. එය ඔහුට ෆුල් ආතල් එකකි. ආතල් එක වැඩි වී සැප ගැනීම සඳහා හැන්දෑවට හැන්දෑවට ඩෙනිම් කලිසමක් සහ ටී-ෂර්ට් එකක් ඇඳගෙන කැප් තොප්පියක් දමාගෙන ‘කිරුළපනේ රතන’ වැඬේට බසී. එහිදී ‘පැපරාසියා’ ඔහුට ගරු කරන්නේ සිවුර ගලවා වැඬේට බසින නිසාය.
ඉස්සර අපේ ගම්වල සිටියේ ‘රෙද්ද අස්සේ මහත්වරුය’. ඒ මන්දයත් ඔවුන් ටුවිඞ් රෙද්දට සහ කබායට යටින් කලිසම ඇදි නිසාය. ඒ රෙද්ද අස්සේ මහත්වරු මිය පරලොව ගොස් ඇති නිසා දැන් අපේ රටේ ගම්දනව්වල ඉන්නේ ‘සිවුර අස්සේ මහත්වරුය’. ඔවුන් විස්කි බෝතල් කටේ තබාගෙන බොමින්, වාහන පදවමින් පාරේ යන එන අයගේ කකුල් කඩයි. එලිපිටම ගෑනුන් සමග හැසිරෙයි. දේශපාලනයේ නිරත වෙයි. දුස්සීලයන් රටේ රජ වූ විට ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට කිරුළපනේ රතනලා වගේ ඝනීන් වහන්සේලා අවශ්‍ය වන්නේ ඒ නිසාය.