රටක් රන් කරන්න අවශ්‍ය බලගතු මන්තර ටිකකුයි හොඳ කට්ටඩි සෙට් එකකුයි විතරයි - ජනාධිපති
10 April, 2013 | | |
‘‘යන්තර-සුර හැට හැත්තෑවක් මායි අපේ ගෙදර කට්ටියයි පළඳිනවා. ඒක නිසා මෙලෝ යකෙක්ට අපිට අත තියන්ඩ බෑ.
තනිකරම අපිට තියෙන්නේ මන්තර බලේ. ඒකනෙ රනිලයි උගේ එව්නුයි එන්ඩ කිව්ව ගමන් නැට්ට වන වනා දුවගෙන එන්නේ. බලපංකො ළඟදිම මම මංගලයට දෙන ගේම’’ යනුවෙන් ජනාධිපතිවරයා ඇමරිකාවේ මිතුරාට පාරම් බා ඇත.
‘‘කැබිනට් මණ්ඩලේ කියන්නෙ මොකක්ද? ඒ තමයි මට තනියම කන්ඩ තියෙන එක බෙදා ගෙන කන තැන. නැතුව සත පහකට වැඩක් තියෙන තැනක් නෙවෙයි. මම උන්ට කන්ඩ දීලා නොදන්නවා වගේ බලන් ඉන්නවා. කෑ ගැහුවොත් කාපුවා වමාරන්ඩ වෙනවා.’’
‘‘අපි පුළුවන් තරම් ණය ගන්නවා. මොකද ගෙවන්නේ අපි නෙවේනෙ. පුළුවන් තරම් කොන්කී‍්‍රට් පාරවල්, ගොඩනැගිලි ගහනවා. රටටත් හොඳයි. අපිටත් හොඳයි. ඔහේ ඉන්න (ඇමරිකාවේ) ඉන්වෙස්ටර්ලා අරං වරෙං ඕන ප්‍රොජෙක්ට් එකක් ඇප්රූ කරලා දෙන්නම්’’ යනුවෙන් රාජපක්‍ෂතුමා මිතුරාට තෙල බෙදා ඇත.
‘‘සාස්තර සුමනේ, කේන්දර මංජුල, තත්කාල වික‍්‍රමසිංහ වගේ පොරවල් තමයි සෙක් එකට, සෙන්ට‍්‍රල් බෑන්ක් එකට, බී. ඕ.අයි. එකට දාන්න ඕනෙ. වශී ගුරුකංවලින් ඉන්වෙස්ටර්ලා ගෙන්න ගන්න මෑන්ස්ලට පුළුවන්’’ යනුවෙන් දුරකතනය තබමින් රාජපක්‍ෂතුමා අවසාන වශයෙන් පවසා තිබේ.
ඉහත දුරකතන සංවාදය සැබෑ ලෙසම සිදු වූවක්ද, නැද්ද යන්න ස්ථීර වශයෙන් කීමට ‘පැපරාසියා’ නොදනී. නමුත් ‘රට යන අත’ බැලූ කල මෙම සංවාදය නියත වශයෙන්ම සිදු වූවක් බව නිගමනය කළ හැක.