ජැක්සන් ඇන්තනී සදේශ් කුමාර්ගෙන් කප්පම් අරගෙන

10 April, 2013 | | |

ශී‍්‍ර ලංකාවේ සකල කලාවේ ‘වල්ලභයා’ ලෙස සැලකෙන පනාපුත‍්‍ර කුහුඹු පැණියා නොහොත් ජැක්සන් ඇන්තනී කප්පම් කලාවටද අත ගසා ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.

ජැක්සන් ඇන්තනී මෙසේ කප්පම් ලබාගෙන ඇත්තේ සිංහල සිනමාවේ අද්භූත අද්විතීය නිෂ්පාදකවරයා වන සදේශ් කුමාර්ගෙනි. අද්භූත නිෂ්පාදකවරයා ලෙස සදේශ් කුමාර්ව ‘පැපරාසියා’
හඳුන්වන්නේ ඔහු සතුව ඇති අසාමාන්‍ය මූල්‍යමය හැකියාව හේතු කොට ගෙනය. පළමු චිත‍්‍රපටය තිරගතවීමට මත්තෙන් චිත‍්‍රපට 06 ක් නිෂ්පාදනය කිරීමට සදේශ් කුමාර්ට මුදල් ලැබුණේ කෙසේද යන්න කලා ලෝකයේ කා හටත් ප‍්‍රශ්නයකි.

මේ පිළිබඳව ‘පැපරාසියා’ සදේශ්ගෙන් විමසා සිටි අතර, ඔහු පැවසූයේ තමාගේ පියා ‘ටෙක්ස්ටයිල් බිස්නස්’ කොට එම මුදල් උපයා ගත් බවයි. තමා කරන්නේ එම මුදල් නැණවත්ව ආයෝජනය කිරීම බව සදේශ් කුමාර් ‘පැපරාසියා’ට වැඩි දුරටත් සඳහන් කර සිටියේය. මේ පිළිබඳව විස්තරාත්මක ගිණුම් වාර්තාවක් ‘පැපරාසියා’ සදේශ්ගෙන් ඉල්ලා සිටියද එම වාර්තාව මේ දක්වා ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් විය.

මේ සියලූ දෑ දෙස ඉතා විමසිල්ලෙන් බලා සිටි ජැක්සන් ඇන්තනී පසුගියදා සදේශ්ව කැඳවා මෙම මුදල් කන්දරාව පිළිබඳව දිගින් දිගටම ප‍්‍රශ්න කොට සදේශ්ව ‘බ්ලැක්මේල්’ කොට තිබේ. ජැක්සන් කවර හෝ ආකාරයකින් සදේශ්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාගෙන ඒවා ඔහුට පෙන්වමින් බැංකු විශාරදයෙකු මෙන් මෙම ගිණුම්වල පවතින අසමතුලිත වර්ධනය (Uneven Growth) පිළිබඳව පෙන්වා දී තිබේ.

අවසානයේ ජැක්සන් ඇන්තනී සදේශ්ට පවසා ඇත්තේ ‘‘මස්සිනා... මට උඹව ඇති කරන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්. උඹ දන්නවනේ ජනාධිපති මට ගොඩක් ගෞරව කරනවා කියලා’’ කියාය. මෙයින් මහත් භීතියට පත් වී ඇති සදේශ්, ගොත ගසමින් අසා ඇත්තේ, ‘‘හරි ජැක්සන්... ඔයාට මගෙන් මොනවද වෙන්න  ඕනෙ’’ කියාය. එවිට ජැක්සන් පවසා ඇත්තේ රුපියල් මිලියන 30 ක් තම බැංකු ගිණුමට දමන ලෙසයි.

මේ අනුව දැනට රූගත කිරීම් ආරම්භ කොට ඇති ‘මායා’ චිත‍්‍රපටයේ වැඩ නවතා ඒ සඳහා වෙන් කොට තිබූ මුදලින් රුපියල් මිලියන 30 ක් සදේශ් කුමාර් ජැක්සන් ඇන්තනීගේ ගිණුමට දමා තිබේ. මෙම මුදල පිළිබඳව තම විගණකයන්ට ජැක්සන් පවසා ඇත්තේ එය මනමේ චිත‍්‍රපටය සඳහා නිෂ්පාදකවරයාගෙන් ලද අත්තිකාරමක් බවයි.

අද වන විට සදේශ් කුමාර් සැඟවී සිටී. ඔහු කිසිම දුරකතන ඇමතුමකට පවා ප‍්‍රතිචාර නොදක්වයි. ‘මායා’ චිත‍්‍රපටයේ නළු නිළියන්, කාර්මික ශිල්පීන්, සහාය අධ්‍යක්‍ෂකවරුන් කොතෙක් දුරකතන ඇමතුම් දුන්නද සදේශ්ගෙන් කිසිම ප‍්‍රතිචාරයක් නැත. ‘මායා’ චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කළ ඩොනල්ඞ් ජයන්ත මේ වන විට වෙනත් චිත‍්‍රපටයක වැඩ කටයුතු කිරීම ආරම්භ කොට ඇත.

සැබෑ තොරතුරු දැන ගැනීමට ‘පැපරාසියා’ කිහිප වතාවක් සදේශ් සමග සම්බන්ධවීමට උත්සාහ කළද, එය අසාර්ථක විය. මෙම සිද්ධියේ ඇත්ත නැත්ත පිළිබඳව සදේශ් අප වෙත දන්වා එවුවහොත් අප එය පළ කරන්නෙමු.