හෝටලය මාරු කළ පියුමි අගුලත් මාරුකරයි

10 April, 2013 | | |

ජනපි‍්‍රය නිළියක් වන පියුමි බොතේජු මේ දිනවල ඇයි හොඳයි කම් පවත්වන්නේ උපංශ හෝටල් ව්‍යාපාරය බලා කියාගන්නා සමන්ත ප‍්‍රසන්න එක්කය.
උපවංශ මුදලාලි අකාලයේ මිය ගිය පසු උපවංශ හෝටල් කර්මාන්තයේ යතුර බාරවි ඇත්තේ සමන්තටය.

සමන්ත කඩවසම් නැතත් දරු දෙදෙනෙකුගේ පියෙකි.
පියුමිට සෙට්වූ සමන්තට දැන් උන්හිටි තැන් හෝ මතක නැති බවද කියයි.

ඔහුට පි‍්‍රය බිරිඳ අමතක වුවත් දරුදෙදෙනා අමතක නොවීම තරමක හොඳ ගුණයකි.

සැමියන්ට චපල වුවත් පියුමිද දරුවන්ට ආදරය බව නොරහසකි.

ගෑණු මායම් හැට හතරටත් වඩා ඇති පියුමි සමන්ත මුදලාලි හොඳටම අන්දවා ඇති බවද සත්‍යකි.

ඒ ඇන්දිල්ලේ තරම කොතෙක්ද යත් පියුමි සුඛොපභොගී ගෙයක් මෙන්ම ලක්ෂ 80ක මෝටර් රථයක්ද සමන්තගෙන් තිලිණ ලෙස ලැබා ගැනීමට දක්ෂවී ඇත.

කෙසේවුවද කැලේ මාරු කලද කොටියාගේ පුල්ලි මාරු නොවන ලෙසම පියුමිට සල්ලිකාරයෙක් මාට්ටුවුවද කල් කිරියාවල් මැරුවී නැත.

එහි ප‍්‍රතිථලය නම් අනුරුද්ධ ජයසිංහ හා දිගුකාලයක සිට තිබූ පලහිලව්ව යලිත් ළියලීමය.

ඒ පලහිලව්වේ දිග පළල කොතෙක්ද යත් කරුත් නොදන්නා මුත් සමන් අරන් දුන් නිවසේ අගුළු මාරුකර එහි යතුරු අනුරුද්ධට දි ඇති බව ‘පැපාට’ වාර්තා වේ.

පියුමි තිබූ අගුලු මාරුකර ඇත්තේ සමන් ළග අදාල ගෙයි ඩුප්ලිකේට් යතුරක් තිබූ නිසා බවද කියැවේ.

කොහොමවුණත් මේවන විට පියුමි සමන්ගේ ජීවිතේ උඩු යටිකුරු කර හමාරය.

ජාත්‍යන්තර පාසලකට ගිය සමන්ගේ දරු දෙදෙනා දැන් යන්නේ පියුමිගේ නිවසට ළග කඩුවෙල පිහිටි රජයේ පාසලකටය.

තවද, වෝඩ් පෙදෙසේ උපවංශ හෝටලයේ කළමනාකරු වන්නේ පියුමිගේ තාත්තාය.