ආතල් පින්තූරය - ‘පැපා’ ඉදිරිපත් කරන නවතම විශේෂාංගය

04 February, 2012 | | |

 මේ පිංතූරය ගත්තේ ඊයේය. අපේ බොසා මේ ගමන ‘කන’ පරීක්ෂා කරබලන්නේ ඇමෙරිකානු ජාතික හෙවිවේට් ලෝක බොක්සිං ශූර ‘ඉවෙන්ඩර් හොලිෆිල්ඞ්’ගේය. 1997 ජූනි 28 වන දින ‘ද බයිට් ෆයිට්’
යනුවෙන් ලෝක බොක්සිං ඉතිහාසයේ ලියැවුනු මෙම සටනේදී තවත් ලෝක හෙවිවේට් බොක්සිං ශූරයෙකුවන මයික් ටයිසන් සටනේ තුන්වන වටයේදී ‘ඉවෙන්ඩර් හොලිෆීල්ඞ්’ගේ ‘කන’ හපාකන ලදි. සටන නැවතින.

සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව සාම ගිවිසුමක් ගසා නැවතත් සටන ඇරඹින. සතා සතාමය. ටයිසන් නැවතත් ඉවෙන්ඩර්ගේ අනිත් කනත් හැපුවේය. එවර නිකම්ම නොවේ ‘කනේ කෑල්ල’ ටයිසන්ගේ කටෙන් ගිලිහි බොක්සිං රින් එක තුළ වැටින. තරගය සම්පූර්ණයෙන්ම නවතා දැමිණ. ටයිසන් හට තරග තහනමක් පැනවින. ටයිසන් පවසා සිටියේ ‘‘ඉවෙන්ඩර්ගේ හෙඞ් බට් එකට ප‍්‍රතිචාරයක් වශයෙන් කන හපාකෑ බවයි’’.

මල්ටි බැරල්වලින් ඔලූකටු කුඩුවී අතපය නැතිවුන් සිටින රටක ජනාධිපතිතුමා ඇමරිකානුවෙකුගේ කනේ කොන පිළිබදව ශෝකයට පත්වීම හරිම ආතල්ය. ‘කොනවල් ඇල්ලීමට ජනාධිපතිතුමා අන්තිම හපනෙකි.’ අපේ රටේ උන්ගේ අතපයවලට වඩා ජනාධිපතිතුමාට ඇමරිකානුවාගේ කනේ කොන වටී. එලියන්ත වයිට් ලවා ‘කොන’ වඩවා ගැනීමට ජනාධිපතිතුමා ක‍්‍රියාකරනු නියතය. මේ ඡායාරූපය දුටු මයික් ටයිසන්ද ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා ඇප්ලයි කර තිබේ.

මේ පිළිබදව ඔබගේ කමේන්ට්ස් ජනාධිපතිතුමා අගය කොට සලකයි.