සුදුවෑන් කල්ලියේ මීලඟ ඉලක්කය කළුරංජා ද?

15 January, 2012 | | |

අද (07) වන දා අළුයම දෙකට පමණ ගෙදර යමින් සිටියදී මොරටුව ප‍්‍රදේශයේ සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය   මාලිගාවත්තේ ඩොනල්ඞ් නොහොත් ‘රංජා’ ගේ පැහැරගැනීමත් සමගම මේ වනවිට මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ සියලූම ගෝලබාලයින් සිය ජංගම දුරකථන නිවාදමා ආරක්‍ෂිත ස්ථානවල සැඟවීමට ගොස් ඇති බව ‘පැපරාසියා’ට වාර්තා වේ.

මේ වනවිට මර්වින්ගේ සමීපතම ගෝලයින් අතරින් එලියේ ඉතිරිවී සිටින්නේ රංජන් සිල්වා නොහොත් ‘කළුරංජා’ පමණි. ඊයේ (06) ඔහු විසින් බොරැල්ල කොටාපාරේ පවත්වාගෙන යනු ලබන ‘සඳමිරා මෝටර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ්’ ඉදිරිපිටට පැමිණි සුදු ඩොල්පින් වෑන් රථයක් විශාල වේලාවක් එම ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට නතර කරගෙන සිට තිබේ.

මෙයින් මහත් භීතියට පත් ‘කළු රංජා’ යායුතු දිහාවක් නොදැන වැසිකිලියේ සැඟවී මර්වින් සිල්වා ඇමතිවරයාට දුරකථන ඇමතුම් ගණනාවක් දී ඇතත් ඇමතිවරයා ඒ එකකටවත් ප‍්‍රතිචාර දක්වා නොමැත. පසුව එම ව්‍යාපාරික ස්ථානයට පැමිණි ගණුදෙනුකරුවෙකුගේ වෑන් රථයේ බිම දිගාවී ඊට උඩින් සැකනොසිතන ආකාරයට විවිධ භාණ්ඩ අසුරා ‘කළු රංජා’ තම කාර්සේල් එකෙන් පැන ගොස් තිබේ.

‘කළු රංජා’ එම ස්ථානයේ නොමැති බව වටහාගත් සුදු ඩොල්පින් රථය හැන්දැවේ එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර ඉදිරි පැය 24 හෝ 48 තුළ ‘කළු රංජා’ පැහැර ගැනීමට ආරක්‍ෂක අමාත්‍යංශයේ ඉහළම තැනකින්  ඕඩර්ස් ලැබී ඇති බව ‘පැපරාසියා’ට වැඩිදුරටත් වාර්තා වේ.

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මෙම තත්ත්වයන්ට මුහුණදීම මගහැරීම සඳහා මේ වනවිට නැගෙනහිර පළාතේ අරලගන්විල ප‍්‍රදේශයට ගොස් ඇතැයි විශ්වාසදායී ආරංචි මාර්ගයක් ‘පැපරාසියා’ට සඳහන් කර සිටී.