ඇමති ජොනී ඕලෙවල් කරලා
15 January, 2012 | | |
ශ‍්‍රී ලංකාවේ විවිධ ජනමාධ්‍ය හා වෙබ් අඩවි පවසන පරිදි අභ්‍යන්තර වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්‍දු මහතාගේ උසස්ම අධ්‍යාපන සුදුසුකම වන්නේ ‘‘අට සමත්වීමයි’’.
නමුත් පසුගිය දා ‘පැපරාසියා’ හමුවුනු ජොන්ස්ටන් ප‍්‍රනාන්‍දු මහතාගේ හොඳම උපදේශක ඩබල වන රවි චන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල් රවී’ සහ නිලු දිව්රමින් පවසා සිටියේ උන්ගේ බොසාවන ජොනී ඇමතිතුමා ඕලෙවල් විභාගය කරඇති බවයි.
පදමට වෙරිවී සිිටි මොවුන් දෙදෙනාගෙන් ‘පැපරාසියා’ ඇසුවේ ඇමතිතුමාගේ ප‍්‍රතිඵල මොනවාද කියාය. ‘සෙල්ටෙල් රවී’ ගත්කටටම කීව්වේ බොසාට ඉංග‍්‍රීසීවලට ‘ඞී’ එකක් ඇති බවයි. අනෙක් විෂයන් ගේ සාමාර්ථ කවරේදැයි ඇසූ විට ඔවුන් දෙදෙනා පවසා සිටියේ බොසා ඉංග‍්‍රීසිම පාඩම් කරපු නිසා අනෙක් හැම විෂයකටම ‘එෆ්’ ලබාගත් බවයි. ඔවුන් දෙදෙනාට අනුව ජොන්ස්ටන් ඇමතිතුමාගේ ඕලෙවල් ප‍්‍රතිඵල වන්නේ ‘එෆ් 7’ ක් සහ ‘ඞී 1’ කි.
නමුත් වෙළඳ අමාත්‍යාංශයට විදේශිකයන් පැමිණෙන අවස්ථාවලදී ජොන්ස්ටන් ප‍්‍රනාන්‍දු ඇමතිතුමා භාෂා පරිවර්තකයන්ගේ සහාය ලබාගන්නේ භාෂා පරිවර්ථකයන්ගේ ඉංග‍්‍රීසි භාෂාව පිළිබදව දැනුම පරීක්‍ෂා කිරීමට මිස තමන් ඉංග‍්‍රීසි භාෂාව නොදන්නා නිසා නොවන බව උපදේශක ඩබල ‘පැපරාසියා’ හා වැඩිදුරටත් පැවසීය.