විමල් ඇමතිගේ වෙබ් අඩවිය ‘ෆේස්බුක්’ පරදවයි !
02 January, 2012 | | |
ඉංජිනේරු කටයුතු හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ ‘මහතා’ගේ මගපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන ‘ලංකා සී නිවුස්’ වෙබ් අඩවිය ලොව සියලූ වෙබ් අඩවි අභිබවා යමින් ‘ගූගල්’, ‘ටුවිටර්’, ‘ෆේස්බුක්’ පරදවමින් ලොව අංක එකේ වෙබ් අඩවිය බවට පත්වී ඇති බව මහත්වූ ජාතික අභිමානයකින් ‘පැපරාසියා’ විසින් මෙසේ සකල ලෝකවාසීන්ට දැනුම් දෙනු ලැබේ.
ලොව පුරා වෙබ් අඩවි ශ්‍රේණිගත කරන ‘ඇලෙක්සා’ දර්ශකයට, විමල්ගේ වෙබ් අඩවියට දියහැකි ස්ථානයක් තීරණය කර ගත නොහැකිව ඉමහත් අකරතැබ්බයකට ගොදුරු වී සිටින බව තවදුරටත් ආරංචි වන අතර, ෆේස්බුක් ආරම්භය පිළිබඳව ‘සෝෂල් නෙට්වර්ක්’ චිත‍්‍රපටය සෑදූ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයා ඇතුළු චිත‍්‍රපට කණ්ඩායම ලබන ‘අපේ‍්‍රල් මස පළමු වන දින’ විමල්ගේ වෙබ් අඩවිය පිළිබඳව සිය දෙවන චිත‍්‍රපටය ශී‍්‍ර ලංකාවේ රූගත කිරීමට නියමිතය.
මීට නමක්දීමට එම චිත‍්‍රපට කණ්ඩායම ‘පැපරාසියා’ට ආරාධනා කොට ඇති අතර, ‘පැපරාසියා’ එකී ආරාධනාව සිය පාඨකයින් වෙත යොමු කරනු ලැබේ.
විමල්ගේ වෙබ් අඩවියේ උදෑසන පුවතක් පළ වූ වහාම එය පන්සිය ගණනක් කියවති. විනාඩි 05 කට පසු බැලූ විට එය 1,500 කි. මධ්‍යයහනය වන විට එය 7,500 කි. හැන්දෑ වන විට එය 15,000 කි. රාති‍්‍රය වන විට එය 150,000 ක් කියවා තිබේ. සතියකින් පමණ පසුව බැලූ විට එය මුළු ලෝකයම කියවා තිබේ. ‘ආසියාවේ ආශ්චර්ය’ දැන් පහළ වී තිබේ. නියමුවා විමල් ඇමතිතුමාය.
‘ගූගල්’, ‘ටුවිටර්’ හා ‘ෆේස්බුක්’ විමල් ඇමතිගේ වෙබ් අඩවිය හමුවේ ලිලිපුට්ටන්ය. දේශහිතෛෂි විමල් වීරවංශ ඇමතිවරයා බටහිරයන්ට නියම ගේමක් දී තිබේ. අනිත් එවුන් බොරුවට කෑ ගසනවා විතරය.
විමල් වීරවංශයාණනි.... ලක්වැසි ‘ජහමනයාට’ ඔබ සැබෑ ආඩම්බරයකි...!