මේනකා පීරිස්, සැමියා ඉතාලියේ සගවලා

03 December, 2011 | | |

මොණරතැන්න ටෙලි නාට්‍යයේ සත්‍යා සහ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වේදිකාවේ රගෙදැක්වූ නර්තනය හේතුවෙන් ජනපි‍්‍රයත්වයට පත් මේනකා පීරිස්ගේ සැමියා සිටින්නේ ඉතාලියේ බව පැපරාසියා වෙත වාර්තා වේ.
ඇය මීට පෙර මාධ්‍යට පවසා තිබුණේ ඇයට පෙම්වතෙක් නොවන  බවයි.

මේනකාගේ සැමියා ඉතාලියේ රැකියාවක නිරතව සිටින්නෙකු බවත්, ඔහු ඉකුත් වසරේ ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේදී මේනකා සමග විවාහ ගිවිසගෙන සති කිහිපයකට පසුව යළිත් ඉතාලියට ගිය බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මේ අතර ඇයට සිය සැමියා විසින් කොළඹ ප‍්‍රදේශයෙන් නිවසක් මිලදීගෙනදී ඇතැයි ද පැවසේ.

එසේම ඇගේ සියළු බර පැණ දරන්නේද එම ඉතාලියේ රැකියාවේ නිරතව සිටින තරුණයා බවද මේ අතර වාර්තා වේ.

මෙවන විට 21 හැවිරිදි මේනකා, ගල්කිස්ස උසස් බාලිකාවෙන් සිය මූලික අධ්‍යාපනය ලබා ඇති අතර, ඇය කලාවට සම්බන්ධවීමට පෙර සිහින මවමින් සිට ඇත්තේ නැටුම් ගුරුවරියක්වීම සඳහාය.

එසේම ඇය කරාටේ කී‍්‍රඩාව වසර 6ක පමණ කාලයක් හැදෑරූ නිළියක් ලෙස ද ප‍්‍රකටය.

දැනට ගල්කිස්සේ සිය මහ ගෙදර පදිංචිව සිටින මේනකාට බාල සොයුරෙක්ද සිටී.

ලාල් ප‍්‍රියදේවගේ අලූත්ම චිත‍්‍රපටය වන ‘කිව්වද නහී නොකිව්වද නහී’ චිත‍්‍රපටයේ චරිත මවමින් මේනකා පීරිස් රිදී තිරයට පිවිසීමට නියමිතය.

මෙම චිත‍්‍රපටයට ජනපි‍්‍රය විකට ශිල්පියෙකු වන ටෙනිසන් කුරේද රංගනයෙන් දායකවී සිටින අතර එහි ප‍්‍රධාන චරිතවලට රංජන් රාමනායක හා අර්ජුන කමල්නාත්ය විසින් පණ පොවනු ලබති.