‘‘ඇයි මැඩම් ඇඞ් එකක් දාගන්න ඕනෙද?’’ ශෂී වීරවංශට පිළිතුරු දෙන විදිහ ඇමති වීරවංශ කියා දෙයි
07 December, 2011 | | |අමාත්‍ය විමල් වීරවංශ මහතා ඔහුගේ දුරකතනයේ සටහන් වී ඇති අංකවලට ශෂී වීරවංශ දුරකතන ඇමතුම් දීම පුරුද්දක් වශයෙන් සිදු කෙරෙන බැවින් එයින් බේරීම සඳහා සිය සමීපතම යෙහෙළියන්ට
පවසන්නේ ‘‘සමහරවිට ඔයාගේ නොම්බරයට මගේ වයිෆ් කතා කරයි.
මම නිදාගත්ත වෙලාවට මගේ මොබයිල් එක හොරෙන් අරගෙන ඒකෙ මම වැඩිපුර කතා කරලා තියෙන අංකවලට කතා කරලා කවුද ඒ කියලා හොයලා බලන එක එයාගේ කැත පුරුද්දක්. ඒක නිසා එයා කතාකරොත් කෙලින්ම අහන්න, ඇයි මැඩම් ඇඞ් එකක් දාගන්න ඕනෙද කියලා... එතකොට එයා ඔයගොල්ලො ගැන සැක කරන්නේ නැතුව ෆෝන් එක තියයි’’ යනුවෙනි.
විමල් වීරවංශ ඇමතිවරයා පිළිබඳව මෑතක සිට විවිධ දූෂමාන ආරංචි ශෂී වීරවංශ හට ගලා එන බැවින් ඇය මේ දිනවල තම ස්වාමි පුරුෂයාගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව ඉමහත් විමසිල්ලෙන් පසුවන බව ‘‘පැපරාසියාට’’ වාර්තා වේ.
ජනතා විමුක්ති පෙරමුණේ සිටි කාලයේ සීගිරියවත් බැලීමට යාමට ඉස්පාසුවක් නැති වූ විමල් වීරවංශ මහතා මේ වන විට සීගිරි ලලනාවන් වැනි ල`දුන් සමඟ තම පුද්ගලික නිවස්නයන්හි කාලය ගත කිරීමට පුරුදු වී සිටියි.
මහනුවර හන්තාන ප‍්‍රදේශයේ ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ශ‍්‍රී ලාංකිකයෙකුට අයිති සුවිසල් මැදුරකට ඔහු හා ඔහුගේ හොඳම මිතුරා වන නුවර දළදා මාලිගාවේ ක‍්‍රිශාන්ත හිස්සැල්ල හා සීගිරි සුරූපිනියන් කිහිප දෙනෙකු සමඟ නිතරම යන එන බව ප‍්‍රදේශවාසීහු පවසති.
මෙහි කණගාටුදායකම කාරණය වන්නේ එසේ විමල් වීරවංශ සමඟ හන්තාන ප‍්‍රදේශයේ මැදුරට යන ක‍්‍රිශාන්ත හිස්සැල්ල ඊට පැය කීහිපයකට පසු ඒ බව ශෂී වීරවංශට දුරකතනයෙන් පවසා ලකුණු දමා ගැනීමයි. මේ බව නොදන්නා විමල් වීරවංශ තවමත් තම මිතුරා කෙරෙහි දැඩි විශ්වාසය තබා කටයුතු කරයි.
