ද්‍රවේන්ශ පැටලූනු දැලේ ගීචාත් පැටලේ

03 December, 2011 | | |

යුද සමය තුල සේනාංක දෙකකට අණදුන්, වර්තමානයේ ප‍්‍රභූ ආරක්‍ෂාව සම්බන්ධව ඉහළ නිලයක් දරන ආරක්‍ෂක නිලධාරියෙකු විදේශ මාධ්‍යවේදිනියකගේ නිවසක වරින් වර නවාතැන් ගන්නා බව පැපරාසියාට වාර්තා වේ.

ලංකාවේ ජනප‍්‍රිය ටෙලි නිලියකගේ මුල් නම සහිත මෙම විදේශ මාධ්‍යවේදිනියට කොළඹ නගරය තුළ නිවසක් හිමි අතර, එම නිවස අවට නවීන පන්නයේ වාහන වරින් වර නතර කර තිබීම ගැන විමසිලිමත් වූ අසල්වාසීන්ට එම නිවසට යන එන හමුදා නිලධාරියා ගැන තොරතුරු හෙළිවී ඇත.

පසුගිය කාලයේ රූපවාහිනියෙන් බොහෝ විට ප‍්‍රදර්ශනය වූ මෙම ආරක්‍ෂක නිලධාරියා හඳුනාගැනීමට අසල්වාසීන්ට හැකිවී තිබේ.

මේ අතර ඔහුගේම සගයෙකුවන දැනට විදේශ නිලයක් දරන, වන්නි මෙහෙයුමේ සිටි තවත් හමුදා නිලධාරියෙකු මෙම මාධ්‍යවේදිනියගේ නිවසට මීට පෙර ආගිය බවද වාර්තා වේ.

යුද්ධය පැවති සමයේදී මෙම විදේශ මාධ්‍යවේදිනිය නිරන්තරයෙන්ම යුද පුවත් වාර්තා කිරීමට වන්නියට ගිය තැනැත්තියකි. එම අවස්ථාවන් හිදි ඇයට පූර්ණ ආරක්‍ෂාව සලසා දී තිබුණේ දැනට විදේශගතව ඉහළ නිලයක් දරන ඉහත සඳහන් හමුදා නිලධාරියාය.